parli

පරාටේ නීතිය තාව­කා­ලි­කව අත්හි­ටු­වන ‘බැංකු මඟින් ප්‍රදා­නය කරන ලද ණය අය කර­ගැ­නීමේ (විශේෂ විධි­වි­ධාන සංශෝ­ධන) පනත් කෙටු­ම්පත’ පිළි­බඳ විවා­දය මැයි 7 දා විවා­ද­යට ගැනී­මට පාර්ලි­මේන්තු කටු­යුතු පිළි­බඳ කාරක සභාව තීර­ණය කර ඇත.

මැයි මස 7 අඟ­හ­රු­වාදා සිට 10 සිකු­රාදා දක්වා පාර්ලි­මේ­න්තුව රැස් වීමට නිය­මිත බව පාර්ලි­මේ­න්තුවේ මහ­ලේ­කම් කුෂානි රෝහ­ණ­දීර මහ­ත්මිය පැව­සු­වාය. පසු­ගිය අප්‍රේල් 26 වැනිදා නියෝජ්‍ය කථා­නා­යක අජිත් රාජ­පක්ෂ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවති පාර්ලි­මේන්තු කට­යුතු පිළි­බඳ කාරක සභා­වේදී මේ සති­යට අදාළ පාර්ලි­මේන්තු කට­යුතු තීර­ණය වී ඇත. මේ අනුව 7 අඟ­හ­රු­වාදා පෙ.ව. 9.30ට පාර්ලි­මේ­න්තුව රැස් වන අතර, පෙ.ව. 9.30- පෙ.ව 10.30 කාලය වාචික පිළි­තුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

ඉන් පසුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා බෙදුම් නඩු (සංශෝ­ධන) පනත් කෙටු­ම්පත (දෙවැනි වර කිය­වීම), පරාටේ නීතිය 2024 දෙසැ­ම්බර් 15 දක්වා අත්හි­ටු­වනු පිණිස විධි­වි­ධාන ඇතු­ළත් බැංකු මඟින් ප්‍රදා­නය කරන ලද ණය අය­කර ගැනීමේ (විශේෂ විධි­වි­ධාන සංශෝ­ධන) පනත් කෙටු­ම්පත (දෙවැනි වර කිය­වීම) විවා­දය පැවැ­ත්වී­මට නිය­මි­තව ඇත. එසේම සත්‍ය ශ්‍රී ගණ­පති භක්ති ජන සේවා පද­නම (සංස්ථා­ගත කිරීමේ) නමැති පෞද්ග­ලික මන්ත්‍රී පනත් කෙටු­ම්පත දෙවැනි වර කිය­වීම සඳහා ඉදි­රි­පත් කිරී­ම­ටද නිය­මි­තව තිබේ. ඉන් පසුව ප.ව. 5.00 සිට 5.30 දක්වා සභාව කල් තබන අව­ස්ථාවේ යෝජ­නාව (ආණ්ඩු පාර්ශ්වය) විවා­ද­යට ගැනී­මට නිය­මි­තව ඇත.

2024 මැයි මස 8 බදාදා පෙ.ව. 09.30 ප.ව. 10.00 කාලය අග්‍රා­මා­ත්‍ය­ව­ර­යා­ගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. ඉන් පසුව පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළි­තුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ. අන­තු­රුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා රාජ්‍ය­තා­න්ත්‍රික වර­ප්‍ර­සාද පනත යටතේ අංක 2348/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ඇතු­ළත් නියෝග සහ ඛනි­ජ­තෙල් නිෂ්පා­දන (විශේෂ විධි­වි­ධාන) පනත යටතේ අංක 2340/02 දර­න­අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කොට ඇති නියෝග විවා­ද­යට ගැනී­මට නිය­මි­තව ඇත.

ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 අතර කාලය සභාව කල් තබන අව­ස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත. 2024 මැයි 9 බ්‍රහ­ස්ප­තින්දා පෙ.ව. 9.30 සිට ප‍.ව. 10.30 කාලය වාචික පිළි­තුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අන­තු­රුව පෙ.ව.10.30 සිට ප.ව. 5.00 දක්වා සාප්පු හා කාර්යා­ලීය සේව­ක­යන් පිළි­බඳ (සේවය හා වේතන විධි­මත් කිරීමේ සංශෝ­ධන) පනත් කෙටු­ම්පත (දෙවැනි වර කිය­වීම) විවා­ද­යට පැවැ­ත්වී­මට නිය­මි­තව තිබේ. ඉන් පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අව­ස්ථාවේ යෝජ­නාව (විරුද්ධ පාර්ශ්වය) විවා­ද­යට ගැනේ.

2024 මැයි 10 සිකු­රාදා සම්පූර්ණ දිනය වෙන් කර ඇත්තේ අභා­ව­ප්‍රාප්ත හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන්ට ශෝක යෝජනා ඉදි­රි­පත් කිරී­ම­ටයි. මේ අනුව එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා අභා­ව­ප්‍රාප්ත හිටපු මන්ත්‍රී­ව­රුන් වන යූ.එල්.එම්. ෆාරුක්, අසෝක ජය­ව­ර්ධන සහ ගාමිණී ජය­වි­ක්‍රම පෙරේරා මහ­ත්ව­රුන් පිළි­බඳ ශෝක යෝජනා ඉදි­රි­පත් කිරී­මට කාලය වෙන් කර ඇත.

Similar Posts