පාස්කු දිනය අදයි

මුළු මහත් කතෝලික ජනතාව මහත් බැතියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා දිනය අදයි. ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කරමින් උත්ථානය ලැබීම සැමරීම ඇතුළු තවත් සැමරීම් කිහිපයක් අද දිනයේ සිදු කරන බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමන් පැවසුවේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සත්‍ය කරුණු හෙළි නොවීම හා එහි වින්දිතයින්ට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් කිතුනු ජනතාව තවමත් කණස්සල්ලෙන් පසුවන බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වින්දිතයින්ට සාධාරණය ඉටුනොවීමට එරෙහිව අද දිනයේ විරෝධතා සංවිධාන කර ඇති බව ද ගරු ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමන් මෙහිදී සඳහන් කළා.

මේ අතර දුෂ්කරතා රැසක් මෙන්ම අවිනිශ්චිතතාවන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ යුගයක් අප දැන් අවසන් කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යහපත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාවේ දෑස් දල්වාගෙන බලා සිටින බවයි පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ. ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේ එකී අපේක්ෂාව සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටිනවා. ඉතා කෙටි කලක් තුළ එම අභියෝගය ජයගත හැකි බව තමන් තරයේ විශ්වාස කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන අරමුණු වලින් මෙන්ම පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනඟන පොදු වැඩපිළිවෙළ සමඟ සියලුදෙනා අත්වැල් බැඳ ගැනීම බව ද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වේදනාව ජනතාවගේ මතකයෙහි රැඳී ඇති බව තමන් හොඳින් දන්නා බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාස්කු පණිවිඩයේ දක්වා ඇත්තේ. එම අවාසනාවන්ත සිදුවීමට අදාළ නීතිමය කටයුතු දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත්, එම කටයුතු කිසිඳු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යමින් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එවැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට තමන් කැපවී සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පාස්කු දින පණිවිඩයෙන් වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර කුරුසයේ සිටියදී පවා වදකයන්ට සමාව දී දයාව හා ප්‍රේමය පතුරුවාලූ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතයෙන් අපගේ හදවත් නවමු පරිවර්තනයකට ගෙන යමින් දයා , කාරුණික ප්‍රේමයෙන් හා සමාව දීමේ ගුණයෙන් මෙවර පාස්කුව සරසා ගනිමුයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වත්මන් අර්බුදකාරී තත්ත්වයන් තුළ මානව ගුණාංග නොනැසී පවත්වා ගැනීමටත්, නිවැරදි තීන්දු තීරණ ගැනීමටත් ඇවැසි මානසිකත්වය ජනතාව තුළ ජනිත කර ගැනීම සඳහා මෙවන් සියලු ආගමික ඉගැන්වීම් පිටුවහලක් වන බවයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාස්කු දින පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ සියලු චූදිතයින් අපක්ෂපාතී පරීක්ෂණයක් මඟින් සොයාගෙන නිශ්චිතවම ඔවුන්ට දඬුවම් පැමිණවිය යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ලෝකවාසී කිතුණු බැතිමතුන්ට ප්‍රේමණීය,පාස්කු මංගල්‍යයක්ම වේවායි ද විපක්ෂ නායකවරයා සිය පාස්කු දින පණිවිඩයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.

මේ අතර කිතුණු දේවස්ථාන ආශ්‍රිතව අද දිනයේද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතින ස්ථානවලට පොලිස් විශේෂ කාර්යය බලකායේ හා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….