මරණ දඬුවම ලැබූ බාලවයස්කරුවන්ට නිදහස දෙන්න

bandanagara

බාලවයස්කරුවන්ව සිටියදී කරන ලද වැරදි හේතුවෙන්  ලැබ මේ වන විටත් බන්ධනාගාරවල රඳවා සිටින සිරකරුවන් ජනාධිපති සමාව මත නිදහස ලබා දෙන්නැයි නීතිඥ දර්ශන කුරුප්පු මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කොට ඇත.

පසුගිය කාලයේ හිටපු ඇතැම් ජනාධිපතිවරු සමාව ලබා දීමට ඇති ජනාධිපති බලය අයුතු ලෙස ක්‍රියාවේ යෙදූ අවස්ථා ඇතැයි සිය ලිපියෙන් පෙන්වා දෙන නීතිඥවරයා අභියාචනාධිකරණ නඩු තීන්දුවක් පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවමින් අධිකරණ නඩු තීන්දුවකට අනුව ජනාධිපති බලය ක්‍රියාවේ යෙදවීම සිරකරුවන්ගේ සැබෑ සුබසිද්ධිය වෙනුවෙන් පරමාදර්ශී ලෙස ක්‍රියාවේ යෙදවූ අවස්ථාවක් වශයෙන් හඳුන්වා දී ඇත.

සිරකරුවන්ට සමාව ලබාදීම සඳහා ජනාධිපතිවරයාට ලබා දී ඇති බලය හිටපු ජනාධිපතිවරුන් විසින් අත්තනෝමතිකව පාවිච්චි කොට ඇතැයිද ජනාධිපති සමාව නොලැබිය යුතු ධනය සහ බලය ඇති ඇතැම් පුද්ගලයින් බරපතළ අපරාධ කොට අධිකරණයන් විසින් නියම කරන ලද දඬුවමින් ගැලවීම සඳහා ජනාධිපතිවරයාට ලබා දී ඇති බලය අත්තනෝමතික ආකාරයෙන් පාවිච්චි කළ බවටද සමාජයේ ආන්දෝලනයන් අති කළ අවස්ථා ඇති බවද අවධාරණය කොට ඇත.

අවුරුදු 18ට අඩු ළමයකුව සිටියදී කරන ලද වැරදි වලට මරණ දඬුවම ලැබූ බොහෝ පිරිසක් මේ වනන විටත් බන්ධනාගාරවල රඳවා ඇති පසුබිමක් තුළ ඔවුන් සම්බන්ධයෙන් පසුබිම් වාර්තා කැඳවා අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති සමාව ලබාදීමට පියවර ගන්නැයි ඉල්ලා සිටින නීතිඥ දර්ශන කුරුප්පු මහතා එය සමාව දීමට ඇති ජනාධිපති බලය සිරකරුවන්ගේ සැබෑ සුබසිද්ධිය වෙනුවෙන් පරමාදර්ශී ලෙස ක්‍රියාවේ යෙදවූ අවස්ථාවක් වශයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

Related posts