මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක්

jiniwa human rights list human rights pdf examples of human rights what are the 10 basic human rights? what are the 5 basic human rights what are the main points of the universal declaration of human rights human rights law human rights articles

මානව හිමිකම් සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක් අත්කර ගත් රටක් ලෙස යුරෝපා සංගමය ඇතුළු රටවල් 39ක් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව සිය අදහස් ඉදිරිපත් කර තිබේ. ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් දේශීය ආයතන විසින් ලබාගෙන ඇති ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව ඵලදායි ලෙස සම්බන්ධ වීම මේ රටවල් විසින් පිළිගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සිරියාව, වෙනිසියුලාව, පාකිස්තානය, කියුබාව, චීනය, ලාඕසය, බෙලරූස්, එරිත්‍රියාව, තුර්කිය, ඕමානය, මාලදිවයින, රුසියාව, නේපාලය, ජපානය, නෝර්වේ, නයිජීරියාව, උගන්ඩාව, යේමනය, බුරුන්ඩි, ඉන්දියාව, නිකරගුවාව, වියට්නාමය, කසකස්තානය, කිර්ගිස්තානය, අසර්බයිජාන, ඇල්ජීරියාව, ඉරානය, ඊජිප්තුව, කාම්බෝජය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, කැනඩාව, නවසීලන්තය, ජර්මනිය, ප්‍රංශය, අමෙරිකා එක්සත් ජනපදය, මොන්ටිනීග්‍රෝ, මලාවි, ඔස්ට්‍රේලියාව යන රටවල් මෙලෙස ශ්‍රී ලංකාවට පක්ෂව සිය අදහස් දැක්වීම සිදුකර තිබෙන අතර ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාව එහි නියෝජ්‍ය මහ කොමසාරිස් නාදා අල් නෂීෆ් විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඊට ප්‍රතිචාර දක්වමින් ඒ ඒ රටවල ජිනීවාහි තානාපතිවරු මෙලෙස අදහස් දක්වා තිබෙන බවද අමාත්‍යාංශය කියාසිටී.

ජගත් මානව හිමිකම් කවුන්සලයේ 54 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පසුගියදා (11) ආරම්භ වූ අතර මේ දක්වා රටවල් 46ක් සිය අදහස් දැක්වීම ඉදිරිපත් කර තිබෙන බවද එහිදී රටවල් 39ක් ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් ඉදිරිපත් කිරීම අතිශය වැදගත් බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙවර සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මූලික කණ්ඩායම් යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර අමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සම්බර්ග් රටවලින් සමන්විත මූලික කණ්ඩායම විසින් එය ඉදිරිපත් කර තිබේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….