මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති රාජකාරී ආරභයි

නව මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා සිය ධුරයෙහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී සිදු විය.

ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කෙරිණි.

එම අවස්ථාවට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම, අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ඇතුළු පිරිසක් එක් විය.

Related posts