closed

මිගමුව පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි 56 හැවිරිදි  පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකින් හෙළිව ඇත.

මීගමුවේ පෞද්ගලික රෝහලකට පැමිණි මෙම පුද්ගලයා උණ රෝගයෙන් පෙළීම නිසා ප්‍රතිකාර ලබා ගෙන ඇත.

ඔහු PCR පරික්ෂණයක් සිදුකොට ඇති අතර එහි ප්‍රථිපල අනුව ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා කටුවාපිටිය පදිංචිකරුවෙක් බව මිගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් වසන්ත මහතා සඳහන් කළේය.

මොහුට කොවිඩ් වෛරසය ආසාදනය වූ ආකාරය මේ දක්වා හෙළිවී නොමැති බව සදහන්.

Similar Posts