මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්

weather

අද (31) දිනයේ දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

ගිනිකොණ දිග හා නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය, හෙට උදෑසන වන වට මෙරට වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

එහි බලපෑමෙන් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මි. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකියි.

වයඹ හා උතුරු පළාත්වලත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

Related posts