යාපනයේ තුන් නිවුන් දරු උපතක්

යාපනය ශික්ෂණ රෝහලේදී තුන් නිවුන් දරු උපතක් 27 දා සිදුව තිබේ.

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ කාන්තාවකට මෙම තුන් නිවුන් දරු උපත සිදුව ඇති අතර දරුවන් තුන් දෙනාම මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව යාපනය ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ අප්පුතුරෙයි ශ්‍රීධරන් මහතා පැවසීය.

දරුවන් තුන් දෙනාගෙන් දෙදෙනෙකු පිරිමි දරුවන් වන අතර අනෙක් දරුවා ගැහැනු දරුවෙකි. තුන් නිවුන් දරුවන් බිහි කළ කාන්තාවගේ දෙවන දරු උපත මෙය වන අතර ඊට පෙර ඇයට පළමු දරු ප්‍රසූතියේදී පුතෙකු ලැබී ඇත.

දිනසේන රතුගමගේ

Related posts