යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?

udda

ඔව්, දුන්නා. ආර්ථිකය කළමනාකරණය කරගැනීම යුද්ධයේ ප්‍රධාන කොටසක්. ඒක රජය විතරක් නෙමෙයි, කැරැලි කණ්ඩායමුත් කරන දෙයක්. ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරිවුණොත්, තමන්ගෙ හමුදාවලට අවශ්‍ය ශරීර ශක්තිය පවා පවත්වාගන්නට බැරිවෙනවා. හේතුව, ආහාර හිඟය. ඒ වගේම තමයි, ආයුධ, පතුරම්, ඉන්ධන, බෙහෙත්, වෛද්‍ය සේවා, සුබසාධනය ආදිය සඳහාත් ආර්ථිකය ඉතාම වැදගත්.

ආර්ථිකය යුද ප්‍රහාරවලත් ප්‍රධාන ඉලක්කයක්. ලංකාවේ යුද්ධයේදී නම්, වරායට, ගුවන් තොටුපළට, තෙල් ගබඩාවලට, මහ බැංකුවට වගේ ආර්ථික ඉලක්ක රැසකට එල්ටීටීඊ සංවිධානය පහරදුන්නා. ලංකාවෙ හමුදාව කොටින්ගේ අරමුදල් සම්පාදනයට ජාත්‍යන්තර සහයෝගයෙන් කරපු බාධා ආදියත් ආර්ථික ප්‍රහාර තමයි.

කවුරුහරි හිතනවා නම්, වසංගතයෙදි ආර්ථිකය වැදගත් නැහැ, ආර්ථිකය කඩාවැටෙන්න ඇරලා වසංගතය පාලනය කරන්නට පුළුවන්ය කියලා, එය ඉතා පටු කල්පනාවක්.

වෛද්‍ය සේවා පවත්වාගැනීම වසංගතයක් පාලනය කිරීමේදී ඉතා වැදගත්. ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වැටුප් ගෙවන්නට ඕනැ. එන්නත්, ඖෂධ, ගිලන් රථ සේවා, මහජන සෞඛ්‍ය සේවා ආදිය පවත්වාගෙන යන්න ඕනැ. ඒවාට අවශ්‍ය ධනය ඉබේ පහළවෙන්නෙ නැහැ. ඒවා උපයන්නට අනෙක් අය වැඩකරන්නට ඕනැ. මේ අතරෙ අපි හැමෝම කන්න බොන්නත් ඕනැ. තවත් ගොඩක් දේවලුත් තියෙනවා.

වසංගතයක් කියන්නෙ සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. එය සමාජ ප්‍රශ්නයක්. ඒ නිසා තමයි, සෞඛ්‍ය අංශවලත් උපදෙස් ලබාගනිමින් රජයක් විසින් ඒ සම්බන්ධ තීරණ ගත යුතුව තිබෙන්නෙ. ඒ තීරණ දේශපාලනික තීරණ.

ලංකාවෙ මේ මොහොතෙ ජනප්‍රිය අදහස බව පෙනෙන්නෙ ආර්ථිකය අතහැරලා, ඇඳිරි නීති පනවලා වසංගතය පාලනය කළ යුතු බවයි. ජනප්‍රිය අදහස් හැමවිටම නිවැරදි නැති වෙන්න පුළුවන්.

වැඩ කළත්, නොකළත්, ගෙදර හිටියත්, තමන්ගෙ වැටුප ලැබෙන රජයේ සේවකයන් වැනි අයට ආර්ථිකය අතහරින්නට යයි සරලව කියන්නට පුළුවන්. ඒත්, ආර්ථිකය අක්‍රිය වෙනකොට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා රජයට අසීරු වෙන්නට පුළුවන් බව ඔවුන් තේරුම් ගත යුතුයි.

අප හැමෝටම මෙහිදී වගකීමක් තියෙනවා. රජය ඇඳිරි නීති දැම්මොත් විතරක් නෙමෙයි අපට ගෙදර ඉන්න පුළුවන්. අත්‍යවශ්‍ය වැඩකට විතරක් එළියට යන්න. අනෙක් අය ගෙදර රැඳෙන්න. ඒක තමයි ප්‍රායෝගික විසඳුම.

praja

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….