china-srilanka china map china currency china flag

හම්බන්තොට වරාය ආශ්‍රිත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියත්, කොළඹ වරායේ ව්‍යාපෘතියත් ආරම්භය පමා වී තිබෙන බව වාර්තා වේ.

ගිවිසුම ප්‍රකාරව දේශීය වෙළඳපොළට සැපයිය හැකි තෙල් නිෂ්පාදන ප්‍රතිශතය 20% වන අතර, එය ඉහළ නංවන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා සිටින බව වාර්තා වේ. අපනයන මූලික මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7කි. එයට විශාල බදු සහන ද පිරිනමා තිබේ. සමාගම තවත් ඉඩම් ද ඉල්ලා සිටින බව වාර්තා වේ. මේ අතර හම්බන්තොට ජල හිඟය ගැන ද සිනොපෙක් සමාගම මැසිවිලි නගන බව ද වාර්තා වේ.

උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස චයිනා මර්චන්ට් පෝට්ස් හෝල්ඩිංස් සමාගම 70%ක් සහ ඇක්සස් ලංකා සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය 15% බැගින් ද  හිමිකාරීත්වය සහිතව ඉදි කිරීමට නියමිත ලොජිස්ටික් මධ්‍යස්ථානය ද ඇණහිට ඇති බව වාර්තා වේ. ඔවුන් සමග එකඟ වී ඇති පරිදි අවුරුදු 15ක බදු සහන ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි බාධාකාරී වීම එයට හේතු වී ඇත.

More Stories