කන්තලේ, තඹගලමුව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන් වේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
තඹලගමුව පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.