ලයිට් බිලත් එක්කම කොත්තු රයිස් ගණනුත් අඩු වෙලාලු

විදුලි බිල අඩු කිරීමත් සමඟ බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු ඇතුළු ඇතැම් ආහාර ද්‍රව්‍යවල මිල ද පහළ හෙලන බව ආපනශාලා හිමියන්ගේ සංගමයක් පවසා තිබේ.ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බව ද එම සංගමය පවසා ඇත.එමෙන්ම පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බව ද ඔවුන් වැඩිදුරටත් දන්වා තිබේ.නමුත් ඔවුන් වරින් වර සිදු කරන මිල අඩු වැඩිවීම් සම්බන්ධ මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් යම් යම් ගැටළු පවතින බව පාරිභෝගිකයෝ පවසති.එබැවින් අපි පසුගිය කාලය තුළ ඒ සම්බන්ධයෙන් විමසුමක් කළෙමු. එහි දී අපට මූලික වශයෙන් අනාවරණය කර ගත හැකි කරුණක් වූයේ ආපන ශාලාවල අලෙවි කෙරෙන ඉහත සඳහන් කිසිදු ආහාරයක සම්මත මිලක් සේම සම්මත ප්‍රමිතියක් ද නොමැති බවකි.ඉහත සඳහන් ආහාර වර්ගවල සේම ආප්ප,ඉඳි ආප්ප,පිට්ටු ආදී සෙසු කඩ කෑම වල තත්වය ද මෙයම වේ.

තරු පන්තියේ හෝටල් භෝජනාගාර වල ද කොත්තු රොටී අලෙවි කෙරෙන අතර ඒවායේ අඩුම මිල රුපියල් දෙතුන් දහසකි. එමෙන්ම සාමාන්‍ය ආපන ශාලාවල එය තැනේ හැටියට සේම එම ආපන ශාලා හිමියාට හෝ කෝකියාට පාරිභෝගිකයා දක්වන හිතවත්කම අනුව ප්‍රමිතිය වෙනස් වන්නක් බව ද පෙනෙයි.”මේ මහත්තයට කොත්තුව හොඳට දාලා දෙන්න”යනුවෙන් ඇතැම් ආපන ශාලා හිමියන් තම කෝකියන්ට ප්‍රසිද්ධියේම කියන කතා වලින් අපට තේරුම් ගත හැක්කේ කොත්තු රොටිය “නරකට ද දැමිය හැකි” බවකි.

නිදසුනක් ලෙස ආපන ශාලාවල අලෙවි කරන බත් පතක් ගත් විට එහි සහල් වර්ගය,ව්‍යංජන,ඒවාට එක් කරන කුළු බඩු-දුරු මිරිස් ආදිය සේම බත් පතක බර ප්‍රමාණය ද එකකට එකක් වෙනස් ය.ඒ අනුව එක් එක් ආපන ශාලාවේ බත් පතක මිල විවිධාකාර වීම අතිශය ස්වාභාවික සේම සාධාරණ ය.එමෙන්ම වර්තමානයේ එළවළු මිල ගණන් අනුව සාමාන්‍ය ආපන ශාලාවල බත් සමඟ ඇති ව්‍යංජන සඳහා ඇඹරැල්ල,අමු අඹ, ආදී වානිජ නොවන බෝග ද එක් කර ගනු පෙනෙයි.ඒ බත් පතක නිෂ්පාදන වියදම පහත හෙළීම පිණිස ය.එමෙන්ම එම බත පිසීම සඳහා යොදා ගන්නා සහල් වර්ග වල ද වෙනස් කම් දක්නට ලැබේ.එය වෙළඳ පලේ ඇති කීරි සම්බා සහලේ සිට අඩුම මිලකට ගත හැකි සහල් දක්වා පුළුල් පාරාසයක පැතිර පවතී.එමෙන්ම එම බත් පත නියමිත බරකින් ද යුතු නොවන බව වැටහී යනුයේ ආපන ශාලාවල අලෙවි කෙරෙන “බත් බාගය”නමින් හැඳින්වෙන සාමාන්‍ය ආහාර වේල “තැනේ හැටියට” වෙනස් වන බැවිනි.මෙම තත්වය ඉහත සඳහන් සෙසු සියළු ආහාර සඳහා ද එක සේ පොදු ය.විශේෂයෙන් පාන් පිටි,එළවළු වර්ග දෙකක් මස්,මාළු හෝ බිත්තර ආදිය යොදා සකසන විවෘත ආර්ථිකයත් සමඟ මෙරට ජන සමාජයට එක් වූ කොත්තු රොටියට ද නියමිත ප්‍රමිතියක් බරක් සේම මිලක් ද නැත.නිදසුනක් ලෙස මේ වන විට තරු පන්තියේ හෝටල් භෝජනාගාර වල ද කොත්තු රොටී අලෙවි කෙරෙන අතර ඒවායේ අඩුම මිල රුපියල් දෙතුන් දහසකි. එමෙන්ම සාමාන්‍ය ආපන ශාලාවල එය තැනේ හැටියට සේම එම ආපන ශාලා හිමියාට හෝ කෝකියාට පාරිභෝගිකයා දක්වන හිතවත්කම අනුව ප්‍රමිතිය වෙනස් වන්නක් බව ද පෙනෙයි.”මේ මහත්තයට කොත්තුව හොඳට දාලා දෙන්න”යනුවෙන් ඇතැම් ආපන ශාලා හිමියන් තම කෝකියන්ට ප්‍රසිද්ධියේම කියන කතා වලින් අපට තේරුම් ගත හැක්කේ කොත්තු රොටිය “නරකට ද දැමිය හැකි” බවකි.

සාමාන්‍ය ජන වහරට අනුව “පොලිස් කොත්තුව” නමින් හඳුන්වන කොත්තු විශේෂයක් ද තිබේ.ප්‍රායෝගික වශයෙන් සත්‍යතාව කෙසේ වුව ද එනමින් හැඳින්වෙනුයේ රාජකාරියේ නියුතු කනිටු පොලිස් නිලධාරීන්ට නොමිලේ ලබා දීමට සිදුවන කොත්තු රොටියයි.එබැවින් ඇතැම් ආපනශාලා හිමිකරුවන් අඩුම වටිනාකමකින් යුතු වනසේ ආහාර සුන් බුන් යොදා එම කොත්තු රොටිය තනා දීම පිළිබඳ කතාව හුදු උපහාසාත්මක ප්‍රබන්ධයක් වීමට ද බැරි නැත.

මේ අතර සාමාන්‍ය ජන වහරට අනුව “පොලිස් කොත්තුව” නමින් හඳුන්වන කොත්තු විශේෂයක් ද තිබේ.ප්‍රායෝගික වශයෙන් සත්‍යතාව කෙසේ වුව ද එනමින් හැඳින්වෙනුයේ රාජකාරියේ නියුතු කනිටු පොලිස් නිලධාරීන්ට නොමිලේ ලබා දීමට සිදුවන කොත්තු රොටියයි.එබැවින් ඇතැම් ආපනශාලා හිමිකරුවන් අඩුම වටිනාකමකින් යුතු වනසේ ආහාර සුන් බුන් යොදා එම කොත්තු රොටිය තනා දීම පිළිබඳ කතාව හුදු උපහාසාත්මක ප්‍රබන්ධයක් වීමට ද බැරි නැත.නමුත් පසුගිය ජූලි මාසයේ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කොළඹදී පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ප්‍රසිද්ධ පුද්ගලයින්ට කිසිවිටකත් නොමිලේ ආහාර ලබා නොදෙන ලෙස සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේ ය. එම සංගමයේ සභාපති වරයා එසේ ප්‍රකාශ කළේ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා ආපන ශාලාවක කාර්ය මණ්ඩලය සමඟ ගැටුමක පැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.“ කාටවත් නොමිලේ කෑම දෙන්න එපා. හෝටල්, ආපනශාලා හිමියන් බොහොම අමාරුවෙන් තමයි කෑම හදන්නේ.සමහර රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, මහජන සෞඛ්‍ය නිලධාරීන්, පාරිභෝගික කටයුතු පිළිබඳ නිලධාරීන් සහ දේශපාලනඥයන් සාමාන්‍යයෙන් මුදල් නොගෙවා ආහාර ලබා ගන්නවා,” ඔහු පැවසීය.ඒ සමඟම මෙම තත්වය තවදුරටත් ඇති නොවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.ඒ අනුව ඉහත සඳහන් පොලිස් කොත්තුවේ කතාව ඇත්ත නම් ඊට අමතරව තව තවත් එවැනි කොත්තු වර්ග ද ඇති බව පිළිගන්නට අපට සිදුවෙයි.

“අපිට ඕනෙ නම් රුපියල් පන්සීයට දෙන කොත්තුව රුපියල් හාරසීයට දෙන්න පුළුවන් විදිහට රුපියල් හාර සීයේ බත් එක තුන් සීයට දෙන්න පුළුවන් විදිහට හදන්නත් පුළුවන්.එතකොට ඒක අර ඉස්පිරිතාලෙ දෙන කෑම එකක් වගේ වේවි.ඒ හින්දා එහෙම ආවට ගියාට කෑම වර්ග බාල කරන්න අපිට බෑ..” අප හා එසේ පවසා සිටියේ රාගම ආපන ශාලා හිමියෙකි.”

නමුදු ඉහත සඳහන් බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන අතර පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන පුවත පිළිබඳව අපි ආපනශාලා හිමියන් කිහිප දෙනකුගෙන්ම අසා බැලීමු.එවිට ඔවුන් කීයේ එය කිසියම් සංගමයක් තම සාමාජිකයන්ට කළ දැනුම් දීමක් බවත් එවැනි සංගම් හා සම්බන්ධ නොමැති තමන්ට එවැනි බලපෑමක් කිරීමට කිසිවකුටත් නොහැකි බව ය.”අපිට ඕනෙ නම් රුපියල් පන්සීයට දෙන කොත්තුව රුපියල් හාරසීයට දෙන්න පුළුවන් විදිහට රුපියල් හාර සීයේ බත් එක තුන් සීයට දෙන්න පුළුවන් විදිහට හදන්නත් පුළුවන්.එතකොට ඒක අර ඉස්පිරිතාලෙ දෙන කෑම එකක් වගේ වේවි.ඒ හින්දා එහෙම ආවට ගියාට කෑම වර්ග බාල කරන්න අපිට බෑ..” අප හා එසේ පවසා සිටියේ රාගම ආපන ශාලා හිමියෙකි.”අපේ ලයිට් බිල තරමක් අඩු වුණාට කඩ කුලී එකට එකක් වැඩි කරලා.ඒ මදිවට මේ වෙනකොට එළවළු මිල ගණන් හිටපු ගමන් පුදුම විදිහට ඉහළ යනවා.කලින් මෙහෙම දෙයක් තිබුණේ නෑනෙ.මම නම් හිතන්නේ ඒකත් කීපදෙනකුගේ ගේමක් කියලම තමයි.ඒ එක්කම පාතාලේ නැති කරනවා කියලා ටීවී රේඩියෝ වලින් පම්පෝරි ගැහුවට තවමත් මේ රට කප්පම් කාරයන්ගෙ පාරාදීසයක්.දැන් ඉස්සරටත් වඩා කඩ සාප්පු වලින් ප්‍රයිවට් බස් වලින් කප්පම් ගන්නවා.ඒ වගේම ටියුෂන් පන්ති වලිනුත් කප්පම් ගන්නවා.ඒ හින්දා කවුරු කවුරුත් එකතු වෙලා ඒ හිල් ටික වහලා දැම්මේ නැත්තම් මේ කිසි දෙයක් හරියන්නේ නෑ” අප හා එසේ කීයේ ගම්පහ ආපන ශාලා හිමියෙකි.

නමුදු මෙහි තවත් පැති කඩක් තිබේ.එනම් ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය මිල අඩු කළ බව පැවසූ සැනින් එය ප්‍රායෝගිකව සිදු නොවූවද එම ආහාර මිල දී ගැනීම කෙරෙහි වැඩි ජනතා උනන්දුවක් ඇති වීම ය.අප බොහෝ දෙනකු දන්නා පරිදි පදික වෙළඳුන් පවා “ලාබයි ලාබයි” යනුවෙන් මොර දෙනුයේ පාරිභෝගිකයන් තමන් වෙත ඇද ගැනීමට මිස එම බඩු වල සැබෑ ලාබයක් ඇති පවසා තිබේ.ඒ අනුව බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 25 කින් අඩු කෙරෙන බවත් පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කෙරෙන බවත් එම සංගමය පවසා ඇත්තේ ද හුදු අලෙවි ප්‍රවර්ධන ක්‍රමෝපායක් ලෙසින් බව වටහා ගැනීමේ ද ලොකු අවුලක් ඇතැයි මට නොසිතේ.

හේමන්ත රන්බණ්ඩාර

hemantharan72@gmail.com

vinivida

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….