ලෝක උරුම සිංහරාජයේ කොටසක් වනසන බවට කොලොන්න ප‍්‍රාදේශිය සභාවට චෝදනා

ලෝක උරුම සිංහරාජ වන රක්ෂිතයේ ‘‘මෝනින් සයිඞ්’’ හෙවත් ‘‘හිමිදිරි පෙදෙස’’ සංචාරක බංගලාවට පිවිසෙන මාර්ගය දෙපස රක්ෂිතයට, කොලොන්න ප‍්‍රාදේශීය සභාව විසින් බැකෝ යන්ත‍්‍ර යොදා හානි සිදු කර ඇති බවට පරිසර සංවිධාන චෝදනා කරනවා. 

කිලෝ මීටර් 5කට ආසන්න දුරක්  එලෙස වන රක්ෂිතය හායනයට ලක්කර ඇත්තේ අදාළ රාජ්‍ය ආයතනවල කිසිදු අවසරයකින් තොරව බවයි පරිසර සංවිධාන චෝදනා කරන්නේ. වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැදවුම්කරු ජයන්ත විජේසිංහ මෙලෙස කරුණු දැක්වූවා.

මේ හේතුවෙන් සිංහරාජ වන රක්ෂිතයට ආවේනික සහ දුර්ලභ ශාක හා සත්ව විශේෂ රැසකට හානි සිදුව ඇති බවයි වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැදවුම්කරු ජයන්ත විජේසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Related posts