වව්නියාවේ වැව් 415ක් පිටාර ගැලීම ඇරඹෙයි

අධික වැස්ස නිසා වව්නියාවේ වැව් 415 ක් පිටාර ගලමින් තිබේ.

දින කිහිපයක් පුරාවට වව්නියාව දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් වව්නියාවේ පිහිටි සම්පූර්ණ වැව් 639 න් වැව් 415 ක් ම මේ වන විට පිටාර ගලන බවට වව්නියාව දිසාපති පී.ඒ. සරත්චන්ද්‍ර පවසා සිටියි.

මෙලෙස වැව් පිටාර ගැලීම හේතුවෙන් වව්නියාවේ මහකන්නයේ ගොවිතැන් කරන ලද කුඹුරු ද විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීමෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති අතර ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

More Stories