ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ගම්මානය

නුවරඑළිය ප්‍රදේශයේ නිර්මාණය වන ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි ගම්මානයේ ගොවීන් හතළිස්දෙනකු සඳහා ඊජිප්තුවෙන් ගෙන්වන ලද අනර්ඝ තත්ත්වය ස්ට්‍රෝබෙරි පැළ , ඒ සඳහා අවශ්‍ය දියර පොහොර බෙදාදීම සහ එම පැළ සුභ මොහොතින් සිටුවීම සිදු කෙරිණ.

නුවරඑළිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් බී. එච්. ඒ. දිල්හානි මහත්මිය , නුවරඑළිය ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිළධාරී ජයන්ත බාලසූරිය මහතා හා නුවරඑළිය ස්ටෝබෙරි ගම්මාන සුහුරු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක හා ප්‍රධාන වගා පුහුණුකරු සමන් රත්නායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණ.

ස්ට්‍රෝබෙරි සුහුරු ගම්මානය ව්‍යාපෘතිය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පහදමින් අදහස් දැක්වූ නුවරඑළිය ස්ට්‍රෝබෙරි ගම්මාන ව්‍යාපෘතියේ ප්‍රධාන තාක්ෂණික වගා උපදේශක හා අධ්‍යක්ෂක සමන් රත්නායක මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතිය නුවරඑළිය ඉතිහාසය තුළ ගොවීන්ට ලැබුණු අනගිම ස්වර්ණමය අවස්ථාවක් බවයි.

ශ්‍රී ලාංකීය කෘෂිකර්ම ක්ෂේත්‍රයට නව මුහුණුවරක් ලබාදීම හා රටේ වර්තමාන ආර්ථික තත්ත්වය නංවාලමින් විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීම අරමුණු කරගනිමින් සුහුරු කෘෂි ගම්මාන වැඩසටහන යටතේ ස්ටෝබෙරි වගාව සදහා හරිතාගාර ඉදිකිරීමේ වැඩසටහනට සමගාමීව නුවරඑළිය ප්‍රදේශයේ ස්ට්‍රෝබෙරි වගාකිරීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සැලසුමකට අනුව මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවයි.

මෙහිදී නුවරඑළිය හා අවට ප්‍රදේශයන්ගෙන් ගොවීන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගෙන ඔහුන් සදහා නවීන තාක්ෂණය යොදාගනිමින් එක් ගොවියකුට වර්ග අඩි 1000ක හරිතාගාරය බැගින් හරිතාගාර වර්ග අඩි 40,000 ප්‍රමාණයක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බවයි.

ස්ට්‍රෝබෙරි වගාව ගුණාත්මකභාවයෙන් සිදුකර විදේශ වෙළඳපොළ ආක්‍රමණය කිරීම වෙනුවෙන් සකසන සැලසුමක් වශයෙන් මෙම ව්‍යාපෘතියට ජාත්‍යන්තර ප්‍රමිතිකරණයන්ට අනුකූලව ගුණාත්මක බවින් ඉහළ තත්ත්වයකින් හා ඉස්තරම් අමුද්‍රව්‍ය භාවිතා කරමින් වගකීමක් සහිතව නිර්මාණය කරනු ලැබූ සියලූම හරිතාගාර ඉදිකොට ඇති බවත්, එම හරිතාගාරයන්හි වහලය සඳහා යොදාගෙන ඇති යූ.වී පොලිතීනය ඊශ්‍රායලය රටින්ද වට ආවරණය කිරීම සඳහා යොදාගෙන ඇති කෘමි ප්‍රතිරෝධී දැල තායිලන්තය රටින්ද ස්ටෝබෙරි පැල සදහා ජලය හා දියර පොහොර සැපයීමේ බිංදු ජල සම්පාදන පද්ධතිය ඊශ්‍රායලය රටින් ද ආනයනය කර තිබීම විශේෂත්වයක් බවයි.

නුවරඑළිය ස්ට්‍රෝබෙරි ගම්මානයේ ගොවීන්ට හරිතාගාර තුළ රෝපණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශගුණයට උචිත ෆස්ටිවල් ප්‍රභේදයට අයත් අනර්ඝ තත්ත්වයේ ස්ට්‍රෝබෙරි පැළ ඊජිප්තුවෙන් ආනයනය කර ඇති බවත්, වර්තමානයේ ස්ටෝබරි සඳහා දේශීය හා විදේශීය වශයෙන් වැඩි ඉල්ලුමක් පවතින අතර එයට සිදුකරන දායකත්වයක් වශයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ විසින් මෙසේ පළමු පියවර තබන බවත්, ගොවීන් අතර බෙදා දුන් ස්ට්‍රෝබෙරි පැළ තොගයේ අපේක්ෂිත ඵලදාව මසකට කිලෝග්‍රෑම් 1600-1800 වන බවයි සමන් රත්නායක මහතා කියා සිටියේ.

එහි පළමු අස්වැන්න පැල සිටවූ දින සති 8-9 අතර කාලයේදී අපේක්ෂා කරනු ලබන අතර , මව් ශාඛාවෙන් හටගන්නා දාවක පැළ වර්ධනය කරගැනීමෙන් මෙම ස්ටෝබරි වගාව වසර 3ක කාලයකට දිගුකාලීන ලෙස පවත්වාගෙන යා හැකිය.

වර්තමානයේ සාමාන්‍ය වෙළෙඳපොළ වටිනාකමට අනුව පළමු ශ්‍රේණියේ ස්ටෝබරි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5000-6000ක පමණ වේ.

ඒ අනුව මෙම වැඩසටහන තුලින් ගොවීන් 40 දෙනා හට මාසිකව රුපියල් මිලියන 8-10 ක ආදායමක් ලබාගෙන රටේ ආර්ථික වර්ධනයට දායක කරවීමට අපේක්ෂා කරයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….