සුනාමියට වසර 18 යි – විපතට පත් වූවන් සිහිකිරීමට විනාඩි 2 ක නිහඬතාවක්

සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 18 ක් සපිරේ.

ඉන් මියගිය සහ විපතට පත් වූ ජනතාව සිහිපත් කර අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිහඬතාවක් රටපුරා පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල පැරෑලිය සුනාමි ස්මාරකය අභියස දී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව සියලු ජනතාවට ඊට එක්වන ලෙස ඉල්ලීමක් කෙරේ.

මෙරට අනෙකුත් ස්වභාවික විපත් හේතුවෙන් මියගිය සියලු ජනතාව සිහිපත් කිරීමේ ජාතික සුරක්ෂිතතා දිනය අදට යෙදී ඇත.

 

Related posts