අග්න්‍යාශ පිළිකාවකින් සුව වූ වෑකඩ K.S වික්‍රමසිංහ මහත්මියගෙ සත්‍ය කතාව

elos

ඉහත නම් සඳහන් මා හට වයස අවුරුදු 39දී මාගේ ශරීරයේ අග්න්‍යාශයේ හා පියයුරේ පිළිකාවක් ඇති බව වෛද්‍ය පරීක්ශන මගින් සොයාගන්නා ලද අතර එය ශරීරය තුළ පැතිරීම ආරම්භවී ඇති බව ද වෛද්‍ය වාර්තා මගින් තහවුරු කරන ලදී.

මෙය පරීක්ෂන මගින් හඳුනා ගෙන මාස තුන හතරක් වැනි කෙටි කාලයක් වුවද එය වසර කිහිපයක් තිස්සේ ශරීරය තුළ වර්ධනය වී ඇති බව වෛද්‍යවරුන්ගේ මතය විය. පියයුරේ පිළිකාව පැතිරී තිබූ කොටස සම්පූර්නයෙන්ම සැත්කමක් හරහා ඉවත්කල අතර අග්න්‍යාශයේ පිලිකාව පැතිරී තිබූ කොටස එසේ ඉවත්කල නොහැකි නිසා ඒ සදහා රසායනික ප්‍රතිකාර (Chemo Therapy) එන්තත් 17ක් මහරගම අපේක්ශා රෝහලේදි මා හට ලබාදීමට වෛද්‍යවරු තීරණය කලේය.

පලමුවන කීමො ප්‍රතිකාරය දරාගත නොහැකි මට්ටමේ වේදනාවක් සමග කෑමට පිරියක් නැති වීම සහා කෑම ගැනීමේ අපහසුතාවය, ඇගට පන නොමැති වීම, වමනය වැනි අතුරු ආබාධ සමග වම් අතේ දැඩි වේදනාවක් හා අත එසවීමේ අපහසුතාවයක්ද ඇති කර වීය. කිමෝ ප්‍රතිකාරයෙන් පසුව ඇති වූ තත්ත්වයන් නිසා මා දින දෙකක් පමන රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලැබුවෙමි. සති දෙකකට පසු දෙවන කිමෝ ප්‍රතිකාරය සඳහා මා රෝහල්ගත වූ පසු මාගෙ යාබද රෝගියාගෙන් කරවිල ඇට කැප්සියුලයක් ගැන අසන්නට ලැබුනි. වැඩි විස්තර සෙවීමේදි එය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වසර 9ක් පුරා සිදුකල පරීක්ෂනයක ප්‍රතිපලයක් බවත්, වසර 4ක් පුරා සිදුකල සායනික පරීක්ෂන වලදි එය සාර්ථක වී ඇති බවත් මා හට දැනගන්නට ලැබුණි.

ඉන්පසු මා රෝහලේ සිටින අතරතුර මාගෙ සහෝදරයා විසින් මාගේ වෛද්‍ය වාර්තා ද රැගෙන එම ඖෂධය නිපදවන ආයතනය විසින් මහරගම අපේක්ෂා රෝහල පාරෙ පවත්වාගෙන යනු ලබන පිළිකා සුවතා මධ්‍යස්ථානයෙන් මෙම ඖෂධය මා වෙත ගෙනැවිත් දුන් අතර මාගේ රෝග වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පසුව පවසා තිබුණේ පිළිකාව අග්න්‍යාශයෙන් පිටතට තවමත් පැතිරී නොමැති බැවින් මෙම ඖෂධය ඉතා ඉක්මනින් ලබාගෙන,අවම වශයෙන් මාස 06 ක් පමණ භාවිතා කිරීමෙන් මාගේ රෝගී තත්ත්වය වඩා යහපත් අතට ගත හැකි බවයි. තවද එහිදී මාගේ ආහාර රටාව, මගේ රෝගී තත්ත්වයට අනුව වෙනස් කළ යුතු ආකාරය ගැනද උපදෙස් ලැබී ඇත. එතැන් පටන් මා එම ඖෂධය භාවිතය පටන් ගත්තෙමි.

ඖෂධය භාවිතයට ගෙන සති 3-4 යන විට මගේ ශරීරයට මහත් වෙනස්කමක් දැනෙන්නට විය. කෑමට පිරියක් නොමැතිකම හා කෑමට තිබූ අපහසුතාවය මඟ හැරී ගිය අතර සාමාන්‍ය පරිදි ආහාර ලබාගැනීමට හැකිවිය. නවවන හා දහවන කිමෝ ප්‍රතිකාර වලදී, පෙර මෙන් මා හට වමනය ඔක්කාරය වැනි ශාරීරික අපහසුතා ඇති නොවූ අතර පෙර කිමෝ ප්‍රතිකාරවලින් පසුව ඇතිව තිබූ මාගේ අත්ල කලු වීම් ද අඩු වී තිබිනි. එතැන් පටන් මා යාබද ඇඳන් වල සිටි රෝගීන්ටද මෙම ඖෂධය පිළිබඳව තොරතුරු පැවසූ අතර ඔවුන්ද කිමෝ ප්‍රතිකාර වලින් අනතුරුව වේදනාවකින් තොරව සිටිනු දැකීම එකල මාගෙ එකම ආසාව විය. දහවන කිමෝ ප්‍රතිකාරයට පසුව සිදුකළ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාව මගින් මාගේ අග්න්‍යාශයේ හා පියයුරේ තිබු පිළිකා සෛල විනාශ වී ඇති බවත්, තවදුරටත් කිමො ප්‍රතිකාර කිරීම් අනවශ්‍ය බවත් සහ මාගේ රෝග වාර්තා සාමාන්‍ය බවත් වෛද්‍යවරු තහවුරු කළේය.

පිළිකාව නිසා මාගේ දරුවන් දෙදෙනාත්, සැමියාත් අතහැර දමා යාමට වේ යැයි සිතමින් සිටි මා හට, වසර දෙකක් වැනි කාලයක් තුලදී මෙම දරුනු පිලිකාවෙන් මා සුවවූ බව දැන ගැනීම ඉමහත් සතුටට කරුණක් විය. එසේ සුව වීම සදහා මෙම කරවිල ඇට කැප්සියුලය මහගු පිටිවහලක් වූ බව මා ඉතා දැඩි සේ විශ්වාස කරමි. එම වසර දෙක තුළ පිළිකාව නිසා මා විඳි වේදනාව මා හොඳින් දන්නා නිසාත්, නැවත මගේ ශරීරය තුළ පිළිකාවක් හටගැනීමේ අවදානමක් ඇති නිසාත් මා නොකඩවා මෙම කරවිල ඇට කැප්සුලය තවමත් භාවිතා කරමි.

පිළිකාවෙන් පෙළෙන රෝගියෙක් ට උපකාරයක් වේ යැයි සිතමින් මා මෙම ලිපිය ලියන අතර එම ඖෂධය ලබා දෙන හා එම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන පිළිකා සුවතා මධ්‍යස්ථානයේ ලිපිනයත්, දුරකතන අංකයත් සඳහන් කිරීමටද කැමැත්තෙමි. මෙම ඖෂධය නිපදවීමට මූලික වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට මාගේ හද පිරි ස්තුතිය පුද කරමින් හා පිළිකාවෙන් දුක්විඳින සියලු ලෝකවාසීන් නිදුක් වේවා යැයි පතමින් මා මෙම ලිපිය නිමා කරමි.

පිළිකා සුවතා මධ්‍යස්ථානය
නො.18/ B,
අපේක්ෂා රෝහල පාර,
මහරගම
077-7322580 / 076-6867845

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….