අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන්ගේ ග්‍රහණයට ලක්ව තිබේ.

Anonymous EEE නමැති නිර්නාමික පුද්ගලයෙකු විසින් අදාළා ප්‍රවේශ වීම සිදුකර ඇති බවයි, අදාළ වෙබ් අඩවියෙහි ඇති සටහනක දැක්වෙන්නේ.තමන් උසස් පෙළ සිසුවෙක් බව ද එහි සඳහන්.

මේ අතර 2023 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස පළමු සතිය වනවිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්

ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස පැවැත්වීමට සැලැසුම් කර ඇති බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Similar Posts