අධ්‍යාපන පොදු සහතික පත්‍ර සමන්‍ය පෙළ විභාගය අද දින (06) ආරම්භවු අතර හැටන් අධ්‍යාපන කලාපයේ විභාග මධ්‍යස්ථාන 41ක විභාගය පැවැත්විමට පියවර ගෙන ඇති බව හැටන් අධ්‍යාපන කලාප අධ‍්‍යාපන අධ්‍යක්ෂක ආර්. විජේන්ද්‍රන් මහතා පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ආර්. විජේන්ද්‍රන් මහතා පවසන ලද්දේ හැටන් අධ්‍යාපන කලාපයේ සිංහල හා ද්‍රවිඩ මාධ්‍ය සිසුන් 3800 දෙනකු විභාග මධ්‍යස්ථාන 41ක් තුලදි මෙම විභාගය සදහා පෙනි සිටින බවත්ය.
එමෙන්ම මෙම කලාපය තුල සම්බන්ධිකරණ මධ්‍යස්ථාන හයක් ස්ථාපිත කර ඇති බවත් මෙම සියළුම මධ්‍යස්ථාන සදහා පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇති බවද විජේන්ද්‍රන් මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා- හැටන්

Similar Posts