අධික හිරු රශ්මිය නිසා ශරීරයට සිදු වන බලපෑම වැඩියි – විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්

මෙම දිනවල පවත්නා වැසි රහිත කාලගුණය සහ අධික හිරු රශ්මිය හේතුවෙන් සෞඛ්‍යයට බලපෑමක් ඇතිවිය හැකි තරමට පාරිසරික උෂ්ණත්වය වැඩිවී ඇතැයිද, මේ හේතුවෙන් වැඩි වශයෙන් ජලය පානය කළ යුතු යැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි.

විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව සදහන් කළේ ඊයේ (28) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී අධික උෂ්ණත්වය සහ නරක අතට හැරෙන වාතයේ සංයුතිය පිළිබදව පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

විශේෂයෙන්ම දිවා කාලයේදී පරිසරයට නිරාවරණය වීමත්, සෙවණ නැති විවෘත ස්ථාන වල ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමත් අපහසුතාවයන් හටගත හැකි සහ සෞඛ්‍යයට බලපෑම් ඇතිවිය හැකි තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා අවධාරණය කළේය.

මැරතන් ධාවනය සහ යුධ හමුදා පුහුණුවීම් වැනි අධික වෙහෙසකර ක්‍රියාවන් මෙම දිනවල නුසුදුසු බවද, විශේෂයෙන්ම පාසල් ළමුන් හිරු රශ්මිය ඇති විට හිරු රශ්මියට නිරාවරණය වන ක්‍රීඩා උත්සව ආදිය සංවිධානය කිරීමෙන් වැළකී මෙම කාලසීමාව පසුකිරීම සුදුසු බවද පැවසුවේය.

මෙම තාපයට නිරාවරණය වූ විට අපගේ ශරීරයේ බොහෝ ප්‍රමාණයක් ජලය සහ ලවණ ඉවත් වන බවද පැවසූ ශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ඒ සදහා වැඩිපුර ජලය පානය කිරීමත්, තැඹිලි, කුරුම්බා ආදිය පානය කිරීමත්, ජීවනී පානය කිරීමත් වැදගත් වන බවද සදහන් කළේය.

ළමයින් එළිමහනේ යන විට අමතර වතුර බෝතලයක් ළග තබාගැනීම වැදගත් බවද, මුත්‍රා වල වර්ණයෙන් සහ ප්‍රමාණවත් පරිදි මුත්‍රා පහවන්නේද යන්න සලකා බැලීමෙන් ජලය පානය කිරීම ප්‍රමාණවත් දැයි මැනගත හැකි බවද පැවසුවේය.

ම්‍රත්‍රා වල වර්ණය තද පැහැති නම් සහ මුත්‍රා කරන වාර ගණන අඩු නම් ජලය පානය කර මදි බවද, ප්‍රමාණවත් පරිදි විජලනයෙන් වැළකීමට ජලය පානය කිරීම ඉතාම වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

බොහෝ විට මුත්‍රා ආසාදන, වකුගඩු ආසාදන වැඩි වශයෙන් මෙම කාලයේ වාර්තා වන්නේ වතුර අඩුවෙන් පානය කිරීම සහ අධික උෂ්ණත්වය නිසා ජලය වාෂ්ප වී යාම නිසා බවද පෙන්වාදුන් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා කැඩාම දරුවන්ට මින් ඇතිවිය හැකි බලපෑම වශයෙන් දහඩිය බිබිලි කුෂ්ටයක් ලෙස හටගත හැකි බවද පැවසුවේය.

එමනිසා දරුවන්ව දිනකට කිහිප වතාවක් ජලයෙන් සෝදන ලෙසද, තෙත රෙදි කැබැල්ලකින් ශරීරය පිසදැමීම සුදුසු බවද පැවසුවේය. හෘද රෝග ශ්වසන රෝග ඇති අයගේ රෝග තත්ත්වයන් වලටද අධික උෂ්ණත්වය නිසා බලපෑම් ඇතිවන බව පැවසූ විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ඔවුන් සම්බන්ධයෙන්ද දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ඉල්ලා සිටියේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….