politics

මේක විප්ලවයක් ඒක නිසා මේක යන්න පුලුවන් උපරීම අන්තයට යන්න ඕනෑ. ලසන්ත වික්‍රමතුංගලගේ හඬ ප්‍රගීත් එක්නැළිගොඩලගේ හඬ සිවරාම්ලගේ හඬ තාජුඩීලගේ හඬ මේ ඝෝෂාව අස්සේ සිහිනවට ඇහෙනවා. ඒ නිසා මේක උපරීමයට යන්න ඕනී.

ඔවුන්ට අධිකරණයෙන් සාධාරණයක් ඉටුණොවුණත් ඔවුන්ට ජනතා අධිකරණයෙන් හෝ සාධාරණය ඉටු වෙන්න ඕනෑ.

සුනාමි අරමුදලේ ඉදලා ගසාකෑ සල්ලි නැති නාස්ති කළ රාජ්‍ය අරමුදල් ජනතාවගේ සල්ලි වගා දිගා කරපු ප්‍රචණ්ඩත්වය කසල දේශපාලන සංස්කෘතිය මේ සේරම මුලින් උදුරලා දාන්න පුලුවන් ශක්තිය මේ අරගලය අස්සේ තියෙනවා ඒ නිසා මේක යන්න පුලුවන් උපරීම දුර යන්න ඕනී..!

මේ වෙලාවේ මැතිවරණයක් කියන සටන්පාඨය ප්‍රායෝගික නෑ ඒක වර්තමාන ආර්ථිකයට උහුලගන්නත් බෑ ඒනිසා අන්තර්වාර පාලනයක් කියන යෝජනාව හොඳ දෙයක්. ඒ අන්තර්වාර පාලනය අස්සේ මේ ජනතා මතය නියෝජනය වෙන්න ඕනෑ. ඒකයි කතාව. මේ අභිලාෂයන් ඒ ආණ්ඩුකරණය අස්සේ ඉටුවෙන්න ඕනෑ.

මගේ නම් අදහස එච්චරයි… මේක ලංකාව ලස්සන කරන නවීනත්වයට අරගෙන යන අරගලයක් වෙන්න ඕනෑ.

නාකි හම්පඩ මයිනෝ ටික උන්ගේ දේශපාලන සංස්කෘතිය පිටින්ම උදුරලා වීසිකරන්න මේ අරගලයට පුලුවන්. ඒනිසා මේකට ඒ දුර යන්න දෙන්න ඕනී…!

සංජීව

 

Similar Posts