sim

ඔබ පාවිච්චි කරන දුරකථන සිම්පතත් තිබෙන්නේ වෙනත් අයෙකුගේ නමින්ද? මෙය බොහෝ විට යම් මිතුරකුගේ හෝ ඥාතියකුගේ නමින් ලබාගත් සිම්පතක් භාවිතා කිරීම විය හැකියි.

නැතිනම්, යම් අයකුගේ නොදැනුවත්කමින් ඔහු හෝ ඇයගේ හැඳුනුම්පතට අදාළව තවත් අයකුට සිම්පතක් නිකුත් කර තිබීම පවා සිදුවිය හැකියි. එහිදී සිම් පත ලියාපදිංචිකරුට මුහුණ දීමට සිදු වන ගැටලු රැසක් තිබෙනවා. ඒ අතර එම සිම්පත අවභාවිතයෙන් හෝ එම සිම්පත යොදාගෙන කරනු ලබන සමාජ විරෝධී කටයුතුවලට වගකීමට සිදු වන්නේ සිම්පතේ ලියාපදිංචිය හිමි පුද්ගලයාටයි. එම සිම්පතට අදාළ බිල්පත් සම්බන්ධයෙන්ද ඔහු හෝ ඇය වගකිව යුතුයි. එහිදී වරද කා අත වුවත් එහි වගකීම පැවරෙන්නේ සිම්පත හිමිකරුටයි.

එමෙන්ම, වෙනත් අයකු නමින් ඇති සිම්පතක් භාවිත කරන්නකුට ඇති වන ප්‍රධාන ගැටලුවක් වන්නේ යම් අවස්ථාවක සිම්පත නැති වුවහොත් හෝ තම දුරකථනය සොරාගතහොත් හෝ එය සමාගමට දන්වා විසන්ධි කිරීමට යෑමේදී අදාළ දුරකතන සමාගම විසින් එය විසන්ධි කළ නොහැකි බවත් සිම්පත හිමිකරු විසින්ම අදාළ ඉල්ලීම කළ යුතු බවත් දැන්වීමයි.

යම් අවස්ථාවක සිම් පතේ හිමිකරු විදෙස්ගතව සිටිය හොත් සිම්පත සම්බන්ධ කුමන හෝ කරුණක් උදෙසා ඔහුගේ ගමන් බලපත්‍ර පිටපත් ගෙන්වා ගෙන කටයුතු කිරීමට සැලකිය යුතු කාලයක් ගත වෙනවා. මේ කාලය තුළ සිම්පත අවභාවිතා වෙන්නට පුළුවන්.

තමන්ගේ නමින් ඇති සිම්පතක් වෙනත් අයකුට දීම නීතිවිරෝධී බවක් කිසිදු තැනක සඳහන් වෙන්නෙ නැහැ.

සබැදි පුවත් :

More Stories