මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක මේ වන විට පල හටගෙන ඇති කොස් ශාකවල අස්වැන්න අපතේ යාමට පෙර කල් තබාගන්නා ක්‍රමවේදයක් අවශ්‍ය බව කොස් වගාකරුවෝ කියා සිටිති.

මේ වන විට මාතලේ හා මහනුවර දිස්ත්‍රික්කවල කොස් ගස්වල කුඩා ගෙඩි (පොලොස්) හටගෙන ඇතැයි ඔවුහු කියා සිටිති.

වසරක් පාසා පලදාව ඇතිවන බොහෝ කොස් ගස්වල අස්වැන්න භාවිතයට නොගෙන අපතේ යාම සිදුවන බවත්, පක්ෂීන්ගේ ආහාර බවට පත්වන ඉදුණු කොස්වල බීජ පවා තැන තැන විසිරී පවතින බවත් වගාකරුවෝ සඳහන් කරති.

පසුකාලීනව භාවිතයට ගත හැකි වන පරිදි කොස් කල් තබාගන්නා වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් කල් වේලා ඇතිව අවධානය යොමු කරන්නේ නම් වාර්ෂිකව මධ්‍යම පළාතේ අපතේ යන කොස් අස්වැන්නෙන් ප්‍රයෝජනයක් ගත හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මාතලේ දිස්ත්‍රක්කයේ මෙන්ම මහනුවර දිස්ත්‍රික්කවල වාර්ෂිකව අපතේ යන කොස් අස්වැන්න කල් තබාගත හැකි ක්‍රමවේදයක් සකසා, කොස් බහුලව නොමැති ප්‍රදේශවලට ලබා දීමේ වැඩපිළිවෙළක් සකසන්නැයි රටේ බලධාරීන්ගෙන් කොස් වගාකරුවෝ ඉල්ලා සිටිති.

Similar Posts