slparli

අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය 03 වැනිදා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

මෙම පනත් කොටුම්පත 2024 අප්‍රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත විය.

ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත වශයන් පසුගිය 03 සිට බලාත්මක වේ.

Similar Posts