මස්කෙළිය අප්කට් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15ක් වයසැති පාසල් සිසුවකු පසු ගිය මස 28වන දින සිට අතුරුදහන්ව ඇති බව එම සිසුවාගේ පියා විසින් මස්කෙළිය පොලිසියට පැමිනිලි කර ඇත.
මස්කෙළිය බ්ලුම්ෆිල්ඩ් ද්‍රවිඩ විදුහලේ 11වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සදාසන් යන තම පුතා අප්‍රේල් මස 28වන දින කොන්ඩය කපා ගැනිමට නගරයට ගිය බවත් එසේ ගිය තම පුතා මේ වන තෙක් තම නිවසට නොපැමිනි බව අලගර්සාමි පුන්‍යමුර්ති යන අය විසින් මැයි මස 01වන දින මස්කෙළිය පොලිසියට පැමිනිලි කර ඇති බව මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලදි.
මෙම සිසුවා පිලිබදව යම් තොරතුරක් දන්නා අයකු සිටිනම් 0522277222 මස්කෙළිය පොලිසයට හෝ 0758917799 ඔහුගේ පියාගේ දුරකථන අංකයට හෝ දැනුම් දිමට පියවර ගන්නා ලෙසද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා හැටන්

Similar Posts