අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ ගම්මාන කිපයකම පවතින රිලා කරදර හේතුවෙන් එම ප්‍රදේශ වල ගම්වාසින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පේරගහාමුල, ජම්බුතැන්න, පේරගෝල්ල, හිටිහේගම, දාගම්පිටිය, ඇල්ලඋඩ, බදුපොල, හොරකඩ, කලුගල, යටිබේරිය, යන ගම්මාන තුල මෙම රිලා කරදර වැඩි වශයෙන් පවතින බව එම ගම්වාසින් පවසති.

මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් අදහස් දක්වන එම ගම්වාසින් පවසනුයේ තම ගම්මානවල සැරි සරන රිලා රංචු තමන් ඉතා දුකසේ වගා කරන බව බෝග විනාශ කිරිමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

එමෙන්ම මෙම රිලා රංචු තම නිවාස තුලට පැන නිවාස තුල පවතින දොර ජනෙල් තිර රෙදි ඇතුළු නිවාස තුල පවතින විවිධ දේ විනාශ කිරිම සිදු කරන බවත් තම කුස්සිවල උයා ඇති ආහාර වර්ගද හට්ටි පිටින් උස්සාගෙන ගොස් විනාශ කරන බවත්ය.

මෙම තත්වයන් මත තමන්ට තම නිවාසවල දොර ජනෙල් වසාගෙන කාලය ගත කිරිමට සිදුව ඇති බවත් මෙම තත්වයන් මත තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

තමන් පත්ව ඇති දුෂ්කරතාවයන් පිලිබදව අවදානය යොමු කර මෙම රිලා රංචු අල්ලා වෙනත් රක්ෂිත වනාන්තරයකට රැගෙන යාමට අදාල නිලධාරින් පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts