සිංහල හින්දු අලුත් අවුරුදු සමය තුලදි හැටන් පොලිස් කොට්ඨාශයේ පොලිස් ස්ථාන නවයම ආවරණය වන පරිදි වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතා පවසයි.
මේ පිලිබදව කරන ලද විමසිමකදි වැඩි දුරටත් අදහස් දැක්වු නිපුන දෙහිගම පවසන ලද්දේ සිංහල හිංදු අලුත් අවුරුදු සමය තුලදි තමන්ට අවශ්‍ය බඩු භාන්ඩ ලබා ගැනිම සදහා නගරවලට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව සදහා හැටන් කොට්ඨාශයේ හැටන්, වටවල, ගිනිගත්හේන, පොල්පිටිය, නල්ලතන්නිය, මස්කෙළිය, නොර්ටන්, නොර්වුඩ්, බගවන්තලාව.යන පොලිස් ස්ථාන ආවරණය වන පරිදි වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
මෙම සියළුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි නිල ඇදුමින් හා සිවිල් ඇදුමින් සැරසුන පොලිස් නිලධාරින් එම ප්‍රදේශවල ආරක්ෂ කටයුතු සදහා යෙදවිමට පියවර ගෙන ඇති බවත් මෙයට අමතරව මෙම උත්සව සමය තුලදි බිමත්ව රිය පදවන පුද්ගලයන් අත් අඩංගුවට ගැනිම සදහාද වීශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම මෙහෙයුම් සදහා ක්ෂනික මාර්ග බාධක යොදවා රථ වාහන පරික්ෂා කිරිම් සිදු කරන ලෙස අදාල පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදි ඇති බවද ඔහු පැවසිය.
ආරක්ෂ විධි විධාන තර කර තිබුනද තම තමන්ගේ රන් ආභරණ මුදල් පසුම්බි ආරක්ෂා කර ගැනිම සදහා තමන්ද පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එමෙන් යම් කිසි සැක කටයුතු පිරිස් පිලිබදව අවදානයේ සිට එවැනි යම් සැකකටයුතු පිරිස් පිලිබදව ලගම සිටින පොලිස් නිලධාරින්ට හෝ 119, හෝ තම ජංගම දුරකථන අංකය වන 0718591114 යන අංකවලට දැනුම් දෙන ලෙස සියළුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද නිපුන දෙහිගම මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts