සිංහල හින්දු අලුත් අවුරුදු සැමරිම සදහා කොළඹ සිට හැටන් ආශ්‍රිත වතුකරය ඇතුළු ප්‍රදේශවලට පැමිනි පිරිසට නැවත කොළඹ දක්වා ගමන් කිරිමට  ප්‍රමාණවත් ලෙස බස් රථ නොමැති විමෙන් එම මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු මගින් පිරිසක් පවසන ලද්දේ හැටන් සිට කොළඹ දක්වා  ප්‍රමානවත් ලෙස බස් රථ නොමැති විමෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් සිට කොළඹ දක්වා බස් රථ වෙනදාට වඩා යොදවා තිබුනද මගින්ගේ වැඩි විමත් සමග එම බස් රථ ප්‍රමානවත් නොවිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

කෙසේ  වුවද පැමිනෙන මගින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දිමට තවත් බස් රථ යෙදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

බස් රථ පැමිනෙන තෙක් බස් පොලිම්වල රැදි සිටින අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ.

මනුර සුදත් සෙල්ලහේවා- හැටන්

Similar Posts