daily ft sri lankan news

පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයේදී අනිවාර්යයෙන් සීමා පැණවීමටත් ඊට අදාළ නීති රාමුවක් සකස් කිරීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කරන බවද රාජ්‍ය ඇමතිනි ගීතා කුමාරසිංහ සඳහන් කරයි.

රට තුළ අවුරුදු 18ට අඩු පාසල් දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතයට නීති ගෙන ඒමට සූදානම් බවත් මේ ගැන තමන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන බවද රාජ්‍ය ඇමතිනී සදහන් කරයි.

දියුණු තාක්ෂණය සමඟ දරුවන් යාවත්කාලීන විය යුතු බවට තර්කයක් නැති බවත් රටේ දරුවන් බොහෝ දෙනකු ජංගම දුරකථන නිසා තමන්ගේ ජීවිත විනාශ කරගෙන සිටින බවත් දරුවන් ජංගම දුරකථන අද වනවිට පාසලට පවා රැගෙන යන බවද රාජ්‍ය ඇමතිනී පවසා සිටියි.

Similar Posts