derana news today

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ, එකම පුද්ගලයා අයැදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි.

පළමු අදියර යටතේ හැඳුනුම්පත අනිවාර්ය කර නොතිබූ බවද ඔහු සඳහන් කළේ ය.

අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා අයැදුම්පත් භාරගන්නා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේ ය.

Similar Posts