අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක්

මෙවර පවත්වන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවු බවට චෝදනා කරමින් එම ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විය යුතු බවට කරන උද්ගෝෂණ තුලින් අහිංසක දරුවන් කබලෙන් ලිපට වැටිමේ අවදානමක් පවතින බවසමස්ථ ලංකා ප්‍රගතිශිලි සේවක පෙරමුණේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒමහතාගේ කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
ශිෂ්‍යත්වය ශිෂ්‍යත්වය කියමින් වසර දෙක තුනක කාලයන් දැඩි වෙහෙසට පත්වු මේ රටේ අධ්‍යාපනය හදාරන කුඩා දරුවන් එම විභගය නිම කර සතුටට පත්ව හිටියා එත් එම සතුට එම කුඩා දරුවන්ට නිසි ලෙස විදින්න බැරි වුනා මොකද මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර යම් පුද්ගලයකු විසින් පිට කිරිමේ සිද්දියක් හේතුවෙන්.

මෙය යම් අයකු කර ඇත්නම් ඇත්තටම එය මේ කුඩා දරුවන් නොමරි මැරිමක් ලෙසයි මා දකින්නේ මොකද මෙම ප්‍රශ්න පත්‍ර පිටවිමේ සැකය මත සමහර වෘත්තිය සමිති සමහර දෙමාපියන් විවිධ උද්ගෝෂණ පවත්වමින් නැවත මෙම ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙස පවසනවා.
එසේ මෙම ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්විමට යම් හෙයකින් පියවර ගත හොත් එයින් සිදු වන්නේ මෙම ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්වු එම කුඩා දරුවන් නැවත වතාවක් දැඩි ප්‍රිඩාවකට පත් කිරිමක් මොකද නැවත වතාවක් පවත්වන විභාගයකට පෙනි සිටිමට සිදු විමෙන් එම කුඩා දරුවන් යම් මානසික ප්‍රිඩාවන්ට ලක් විමෙන් එම දරුවන්ගේ කුඩා මනසට ඔරෝතුතු නොදෙන තත්වයන් මත එම කුඩා දරුවන් විවිධ රෝගවලට ලක් විමේ අවදානමක් පවතින්න පුලුවන්.
මෙම තත්වයන් පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානයක් යොමු කර මේ කුඩා දරුවන්ගේ මනසට ඔරෝත්තු නොදෙන ප්‍රිඩාවන්ට එම දරුවන් පත් නොකර කටයුතු කිරිමට පියවර ගත යුතු බවයි මාගේ අදහස එමෙන්ම යම් ගුරුවරයකු හෝ යම් පුද්ගලයකු මෙම ප්‍රශ්ණ පත්‍ර පිටකර කර ඇත්නම් එම අයට එරෙහිව දැඩි දඩුවම් ලබා දිමටත් අදාල නිලධාරින් පියවර ගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….