ආගමික ස්ථානවලට සූර්යබල පද්ධති

ආගමික ස්ථාන සඳහා වහල මත සවි කරන සූර්ය බල පද්ධති භාර දීමක් පසුගියදා සිදු කෙරිණ. ඒ අනුව බස්නාහිර පළාතේ හෝකන්දර විහාරය, ශ්‍රී ආන්ජනියර් කෝවිල, ශාන්ත අන්තෝනි දේවස්ථානය සහ මුට්වාල් ජුම්මා මුස්ලිම් දේවස්ථානය වෙත සූර්යබල පද්ධතීන් බාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ, ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරිහු සහභාගී වූහ.

මෙම වැඩසහටහන ශ්‍රී ලංකාව පුරා ආගමික ස්ථාන 5000ක් සඳහා වහල මත සවිකරන සූර්යබල පද්ධතීන් ලබා දීම අරමුණු කරගත් ඇමරිකානු ‌ඩොලර් මිලියන 17ක ඉන්දීය සහයෝගය යටතේ ක්‍රියාවට නැංවේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මෙම ආගමික ආයතනවල බලශක්ති පිරිවැය අඩු කරමින් පිරිසිදු බලශක්තිය වෙත මාරු වීමේ ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයට සහය වීමයි.

සූර්ය බල පද්ධතීන් පන් දහස ශ්‍රී ලංකාවේ පළාත් නවයෙහි දිස්ත්‍රික්ක 25 පුරා ම බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් යන ආගම් නියෝජනය කරන ප්‍රධාන ආගමික ස්ථාන ආවරණය කරමින් සවි කෙරෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව සමඟ ඉන්දියාවේ සංවර්ධන සහයෝගිතා හවුල්කාරිත්වය අවධාරණය කරන මනුෂ්‍ය කේන්ද්‍රීය සහ එක් ආගමකට සීමා නොවූ වටිනාකම් අවධාරණය කරමින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ද්විපාර්ශ්වික සහයෝගීතාවය සඳහා ඉන්දියාවේ දැඩි කැපවීම පිළිඹිබු කරයි.

ඉන්දීය ප්‍රවීණත්වය සමඟින් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජයේ ජනතා කේන්ද්‍රීය බලශක්තිය වෙත මාරු වීමේ ප්‍රතිපත්තියට සහය වෙමින් වාර්ෂිකව දළ වශයෙන් විදුලි ඒකක මිලියන 37ක් ජනනය කරමින් මෙගා වොට් 25ක් එක් කරනු ඇත. සූර්යබල පද්ධතීන් ලබා දීම සහ සවි කිරීමට අමතරව වසර පහක් පුරා නඩත්තු කාලසීමාවක් ද ව්‍යාපෘතියට ඇතුළත් වන අතර එහි අරමණ වන්නේ ව්‍යාපෘතියේ දිගු කාලීන කාර්යක්ෂමතාවය සහ තිරසාරභාවය සහතික කිරීමයි.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතාවයන් මත පදනම් වූ ද්විපාර්ශ්වික ව්‍යාපෘතීන් ඉහළ නැංවීම සඳහා ඉන්දියාවේ ශක්තිමත් කැපවීම අවධාරණය කරන ලදී. දෙරට අතර සමීප සහයෝගීතාවය ප්‍රවර්ධනය කරන මෙම මුලපිරීම එම ප්‍රයත්නයේ සැලකිය යුතු කොටසකි.

මෙම ව්‍යාපෘතිය විශ්වාසදායි, පිරිවැය ඵලදායි සහ තිරසාර බලශක්තිය ප්‍රවර්ධනය කිරීමේ පොදු අරමුණ සවිබල ගන්වමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගිතාවයේ නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කරයි. ඇමරිකානු ‌ඩොලර් මිලියන 10ක ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාව පුරා මෙම ක්ෂේත්‍රයේ බෞද්ධ විහාරස්ථාන සහ පිරිවෙන් 9000ක් පමණ සූර්ය බලශක්තියෙන් බලගැන්වීම, යාපනයේ දූපත් තුනක දෙමුහුන් බලශක්ති ව්‍යාපෘතීන්, ද්‍රවීකෘත ස්වභාවික වායු සැපයුම සහ යටිතල පහසුකම් සංවර්ධනය සහ සම්පූර් සූර්ය විදුලි බලාගාරය වැනි ව්‍යාපෘතීන් ද මේ වන විට ක්‍රියත්මක වෙමින් පවතී.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….