thalgas-wewa

ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට කිසියම් පිරිසක් සිදු කළ ගිනි තැබීමක් හේතුවෙන් වර්ග රැසක් පිළිස්සී මියගොස් තිබෙනවා.

එමෙන්ම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතියට ගිනි ඇවිලීම හේතුවෙන් එම ශාඛ ද විනාශ වීමේ අවදානමක් ඇති බවයි තල්ගස්වැව පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ.

ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පිහිටි සුන්දර පරිසර පද්ධතියකට හිමිකම් කියනු ලබන තල්ගස්වැව කොළඹ සිට අනුරාධපුරයට ආණමඩුව හරහා ගමන් කරනු ලබන සංචාරකයින්ගේ සිත් ඇදගත් ස්ථානයක්.

සෑම නියඟයකදීම මෙම පරිසර පද්ධතියට ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ගිනි තැබීම් සිදුවන අතර මෙවර ද එලෙස ගිනි තබා ඇති බවයි තල්ගස්වැව පරිසර සංවිධානයේ සාමාජිකයන් පවසන්නේ.

දඩයක්කරුවන් සහ දැව ජාවාරම්කරුවන් විසින් මෙම පරිසර පද්ධතියට ගිනි තැබීමෙන් පසු මැරී යන කුඹුක් ගස් හොර රහසේ කපා ගෙන යාම සිදුවන අතර වන සතුන් දඩයම් කිරීමට දඩයක්කරුවන් කටයුතු කිරීම බරපතල තත්වයක් බවයි පරිසර සංවිධාන චෝදනා කරන්නේ.

පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සහ ආණමඩුව ප්‍රාදේශීය සභා නිලධාරීන් මෙන්ම ගම්වාසින් දැඩි පරිශ්‍රමයක් දරා ගින්න පාලනය කර තිබේ.

Similar Posts