ආණ්ඩුවට මින් පසු ඊසි මනී නෑ

ranjith-siyabala-pitiya

රජයේ වියදම් පියවා ගැනීමට ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙන් ණය ගැනීම මහා භාණ්ඩාගාරය විසින් අත්හිටුවා තිබේ. රජයේ ආදායම් වැඩිකර ගැනීම සහ රජයේ වියදම් මනාව කළමනාකරණය කිරීම තුළින් මේ තත්ත්වය ළඟා කරගත් බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

කෙතරම් අභියෝගාත්මක වුවත් වසර 2023 දී මේ තත්ත්වය මහා භාණ්ඩාගාරය විසින් ළඟා කර ඇතැයි ද සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය. එය ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කිරීමකැයි ඇමැතිවරයා කිය.

මීට දශක ගණනාවකට පෙර සිට මහා භාණ්ඩාගාරයේ ලංකා බැංකුව සහ මහජන බැංකුවේ අයිරාව ඉතාම සෘණ අගයක් ගත් යුගයක ශ්‍රී ලංකාව පසුවිය. මෙම තත්ත්වයන්ට හේතු වූයේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම ඇතුළු රජයේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් තරම් ආදායමක් රජයට නොලැබීම නිසා අදාළ බැංකු දෙකෙන් ණය මුදල් ලබාගෙන එම ගෙවීම් සිදුකිරීම හේතුවෙනි. වසර 2021 දී රුපියල් බිලියන නමසිය (900) ඉක්මවූ මහා භාණ්ඩාගාර බැංකු අයිරාව මේ වන විට මුළුමනින්ම ගෙවා දැමීමට මහා භාණ්ඩාගාරයට හැකියාව ලැබී තිබෙන බව රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ආණ්ඩුව විසින් තම වියදම් පියවා ගැනීමට රාජ්‍ය බැංකු දෙකෙන් ණය ලබා ගැනීම නතර කිරීමත් සමඟ, රාජ්‍ය බැංකු දෙකට විශාල මුදල් තොගයක් ඉතිරිවන බව ද ඔහු සඳහන් කළේය. එලෙස බැංකු සතු වන අරමුදල් විශාල වීමත් සමඟ තම වටිනා ගනුදෙනුකරුවන්ට පවත්නා ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට, නව ව්‍යාපාර කර්මාන්ත, සේවා ආරම්භ කිරීමට අරමුදල් සැපයීමට බැංකු දෙකට අවස්ථාව උදාවේ.

ආණ්ඩුවට අරමුදල් සැපයීම සිදුකර බැංකු දෙක පවත්වාගෙන යෑමේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරවීමට ද බැංකු දෙකට මේ සමඟ සිදුවේ. බැංකු දෙකට ආණ්ඩුවට ණය දීමෙන් මින් ඉදිරියට ඊසි මනි සෙවීම කළ නොහැකිය. මේ සමඟ බැංකු කාර්යක්ෂම විය යුතුය. වඩාත් තරගකාරීව ගනුදෙනුකරුවන් දිනාගත යුතුය. මෙය නව ව්‍යාපාර කර්මාන්ත ඇරඹීමට ව්‍යවසායකයින්ට ලැබෙන ඉමහත් වැඩදායි හා පුළුල් අවස්ථාවක් නිර්මාණය කිරීමක් ද වේ. මෙලෙස රාජ්‍ය බැංකු දෙකට ලැබුණු අරමුදල් වැඩිවීමේ වාසිය උපරිමයෙන් ගනුදෙනුකරුවන්ට ලබාදීම තම අරමුණ බව මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා සඳහන් කළේ, කලක් සෘණ අගයක් ගත් තම බැංකුවේ අයිරාව මේ වනවිට ධන අගයක් ගෙන ඇති බවයි. මෙලෙස ධන අගයක් ගැනීම සතුටට කරණක් බව ද ඔහු කීය. ඉදිරියේ දී එම අරමුදල් යොදාගෙන වැඩි වැඩියෙන් තම වටිනා ගනුදෙනුකරුවන්ට සේවා සැපයීමට ක්‍රියා කරන බව ද මහා කළමනාකාරවරයා සඳහන් කළේය.

රජයේ ආදායම් වැඩිකර ගැනීමට පසුගිය කාලයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ආණ්ඩුව සිදු කළේය. එලෙස සිදු කළ ඇතැම් ප්‍රතිසංස්කරණ නිසා ඇතැම් විට ආණ්ඩුවට විවේචනවලට හා දෝෂාරෝපණයන්ට ලක්වීමට සිදුවූ බව රාජ්‍ය ඇමැති සියඹලාපිටිය මහතා පැවසීය.

නමුත් ඒවාට බියේ ආණ්ඩුව සිදු කළ කිසිදු ප්‍රතිසංස්කරණයක් අතරමඟ නතර කළේ නැති බව ද ඔහු සඳහන් කළේය.

ඒ නිසාම මේ වන විට රටේ ආර්ථිකය යම් ප්‍රගතියක් කරා ගමන් කරන දිශානතියක් පෙන්නුම් කරන බැවින් දිගු කලක් තිස්සේ රටේ පැවති මූල්‍ය විනයෙහි නරක ස්වභාවය මේ වන විට යම් තරමකට පහව ගොස් ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කරමින් එය ඉදිරියට තවදුරටත් විනයගරුක කළ යුතුව ඇතැයි අවධාරණය කළේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….