මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ නව පද්ධතිය ස්ථාපිත කිරීම දිවයිනේ පළාත් 08ක ඔක්තෝබර් මස 03වැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව වයඹ, දකුණ, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර, උතුර සහ ඌව යන පළාත්වල පළමුව මෙම නව පද්ධතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත. බස්නාහිර පළාත තුළ දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය (eRL 1.0) ඉදිරියටත් ක්‍රියාත්මක වේ.

ඒ අනුව, දිවයින පුරා සියලු ම පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල ආදායම් බලපත්‍ර නිකුත් කිරීම 2023 සැප්තැම්බර් මස 27 සහ ඔක්තෝබර් මස 02 යන දිනවල තාවකාලිකව නතර කෙරේ. මාර්ගගත ක්‍රමයට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම ද 2023 ඔක්තෝබර් මස 06 වන දින මධ්‍යම රාත්‍රි 12 දක්වා තාවකාලිකව නතර කෙරෙනු ඇත.

පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවල ද සහයෝගය ඇතිව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් දැනට ක්‍රියාත්මක වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය නව්‍යකරණය කිරීමේ කටයුතු සිදු කර තිබේ.

Similar Posts