light

ආර්ථිකය අර්බුදයට හා ජනතාව අතර නොසන්සුන්තා ඇතිවීමට ප්‍රධාන හේතුව රට තුළ පැවති බලශක්ති අර්බුදය බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ආර්ථික බංකොළොත්භාවට හේතු සේවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ය.

එහිදී සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ, මෙරට ජනන සැලැස්ම නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම බලශක්ති අර්බුදය ඇතිවීමට හේතුවූ බවයි.

ජනන සැලස්මට අනුව 2017 වසරේදී සාම්පූර් බලාගාරය 2018 වසරේ නොරොච්චෝලේ බලාගාරයේ 4 වැනි අදියර හා 2020 වසරේ උමා ඔය විදුලි ජනනය සිදු කිරීමට නියමිතව තිබුණි.

එහෙත් දේශාපලන පක්ෂ ඇතුළු කණ්ඩායම් විසින් ගෙන ගිය විරෝධතා හේතුවෙන් එම බලගාර ඉදිකිරීම අඩාල වූ බව නරේන්ද්‍ර සිල්වා මහතා කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, ඒ අනුව ඉන්ධන හා දැවිතෙල් මත මෙරට විදුලි ජනනය රැඳි පැවති බවයි.

ඒ සඳහා සීමිත විදේශ සංචිත වැඩි වශයෙන් වැය කිරීමට වීමෙන් ආර්ථික අර්බුදයක් පැන නැගුණ බව විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයා කාරක සභාව හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ ය.

Similar Posts