ආර්ථික පරිවර්තනය නීතිගත කරන අමුතු නීතිය ගැසට් කරයි

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

ආර්ථිකයේ සම්බන්ධයෙන් අතිශය තීරණාත්මක වැදගත්ම නීති පැනවීම් තුනක් ලෙස සැලකිය හැකි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත, රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත, මේ වන විට ගැසට් පත්‍රයේ පළ කර ඇත. රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත පසුගිය අප්‍රේල් මාසයේදිම ගැසට් කර තිබිණි.

මෙම නව නීති 3 හරහා මෙරට ආර්ථික ස්ථායවරත්ව පවත්වාගැනීම සහ රටේ සංවර්ධනය ආණ්ඩුවෙන් ආණ්ඩුවට නොවෙනස්ව ජාතික ප්‍රතිපත්තිමය එකගතා යටතේ අඛන්ඩව ඉදිරියට ගෙන යාම අපේකෂා කරයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා පවසා සිටියේ,
“එසේම තවත් නීති කෙටුම්පත් තුනක් මේ වන විට රජය ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ දී අනුමත කර ගැනීමට කටයුතු කරනවා. ඒ යටතේ එන ණය පාලනය කිරීම අප මේ වන විටත් සිදු කරගෙන තිබෙනවා. මෙතෙක් ජාතික ණය පාලනයක් සිදු වුණේ නැහැ. අපේ ණය අඩු කර ගැනීමට නම් ණය පාලනය කළ යුතුයි. 2035 – 2040 වන විට 75%ක් දක්වා ණය පාලනයක් සිදුකරගත යුතුව තිබෙනවා. ඒ අනුව මෙම ණය පාලන නීතිය අනුව රජයට කටයුතු කිරීමට සිදු වෙනවා.acts

ඒ වගේම රජයේ මුදල් පාලනය සිදු වුණේ මුදල් රෙගුලාසි අනුවයි. මෙම මුදල් රෙගුලාසි උල්ළංඝණය කිරීමට හැකියාව තිබුණා. ඒ වගේම චක්‍ර ලේඛ සංශෝධනය කිරීමට ද හැකියාව තිබුණා. ඒ අනුව මෙතෙක් රටේ මුදල් පාලනයක් සිදු වුණේ නැහැ. අද රජයට අයත් දේපොළ පිළිබඳ කිසිවෙක් දන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම වෙනුවෙන් නීති ඉදිරිපත් කර තිබෙනවා. මෙම ක්‍රමය මුලින්ම ආරම්භ කළේ නවසිලන්තයයි. ඉන්පසුව එක්සත් රාජධානිය සහ ඕස්ටේ‍රලියාව වගේම ඉන්දියාවත් එය ක්‍රියාත්මක කර තිබෙනවා. එහි නවීනම නීතිය අප දැන් ඉදිරිපත් කර තිබෙනවා.

අප ආනයන පදනම් කරගත් ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ආර්ථික පරිවර්තන නීති කෙටුම්පත ඉදිරිපත් කරනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වු සියලු කොන්දේසි අප ක්‍රියාත්මක කර තිබෙනවා. එයින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා කඩ කළ බවට මින් පෙර මෙරටට චෝදනා එල්ල වුණා. නමුත් දැන් නීතියකින් එය ක්‍රියාත්මක වන නිසා එසේ කිරීමට හැකියාවක් නැහැ.

අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. නැත්නම් අප අපේක්ෂා කරන සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජුනි මස පැවැත්වෙන රැස්වීමෙන් පසු මෙම නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා.

ඒ වගේම ආර්ථික පරිවර්තන නීතියේ මුලික පදනම ඇති කිරීමෙන් පසු ඊළග නීති ටික ගෙන ඒමටද අපේක්ෂා කරනවා. අප මේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවයි. ඒ වගේම මේ පිළිබඳ පුද්ගලික ණය කරුවන් සමඟ පවත්වන සාකච්ඡාද සාර්ථකව සිදු වෙනවා.’ යනුවෙනි.

කෙසේ නමුත් මෙම නීති ක්‍රියාත්මක වීම සදහා මෙම පනත් කෙටුම්පත් සඳහා පාර්ලිමේන්තුවේ එකගතාවය ලබා ගැනීම සිදු විය යුතුය. මේ වන විට දැන ගැනීමට ඇති පරිදි මේ සඳහා විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක සහය හිමි වීමට නියමිතය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….