ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය මෙන්න

මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය වත්මන් රජය මේ වනවිට ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (පෙබ. 20) පැවසීය.

එමගින් කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම, නව සැපයුම් දාම, ශීතාගාර පහසුකම් ලබා දීමට හැකිවන බව පැවැසූ ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු වීමට නියමිත බව සඳහන් කළේ ය.

රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් රටපුරා ගොවිජන සේවා මධ්‍යස්ථාන කෘෂිකර්ම නවීකරණ මධ්‍යස්ථාන බවට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද හෙතෙම ප්‍රකාශ කළේ ය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා සහ පැසිෆික් කලාපීය සමුළුවේ 37 වන සැසිවාරයේ සමාරම්භක සැසිය කොළඹදී අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව කීවේ ය.

රජය සහ අමුල් සමාගම මිල්කෝ ආයතනය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නියමිත බව පැවසූ ජනාධිපතිවරයා එමගින් ගොවීන් ලක්ෂ දෙකකට ප්‍රතිලාභ ලැබෙන අතරේ දිනකට කිරි ලීටර් මිලියන විස්සක් ලබා ගැනීමට හැකි වන බව ද කීය.

මහවැලි යෝජනා ක්‍රමය යටතේ ඉතිරි ඉඩම් ඇතුළුව ගොවි ජනතාවට අවශ්‍ය ඉඩම් ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙන බවත් නවීන කෘෂිකර්මාන්තයට ප්‍රවිෂ්ට වීමට කැමති ඕනෑ ම අයකුට එම ඉඩම් ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේ ය.

කෘෂි ක්ෂේත්‍රයේ වේගවත් පරිවර්තනයක් සමග නැවත ප්‍රධාන කෘෂි බෝග අපනයනකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව නගා සිටුවීමට රජය කැපවී සිටින බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ පසුගිය ආර්ථික අර්බුදයට මුහුණ දීමේදී කෘෂිකර්මාන්තය දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට කඩිනමින් යළි නඟාසිටුවිය හැකි ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් ලෙස කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය හඳුනාගෙන තිබෙන බව ද සඳහන් කළේ ය.

දේශගුණ විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට අවශ්‍ය භූමිය හඳුනාගෙන තිබෙන බවත් එහි ගොඩනැගිලි ඉදිකිරීමට දකුණු කොරියානු ජනරජය සමග සාකච්ඡා කරමින් සිටින නමුත් තවත් බොහෝ පාර්ශවකරුවන්ට ඊට සහභාගි වීමට කැමැත්ත පළ කර තිබෙන බවත් පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සාමාජික රටවල් 46 අතුරින් එක්සත් ජනපදය, චීනය සහ රුසියාව ඇතුළු රටවල් 34ක රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 19දා කොළඹදී ආරම්භ වූ සමුළුව අද දින (පෙබ. 21) අවසන් වේ.

“කෘෂි ආහාර පද්ධතිය පරිවර්තනය” යන්න තේමා කරගනිමින් පැවැත්වෙන මෙවර සමුළුවේදී කලාපයේ රටවල පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදනය, ආහාර පරිභෝජන සුරක්ෂිතතාව, ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, පාරිසරික සුරක්ෂිතතාව පවත්වා ගැනීම, හරිතාගාර වායු විමෝචනය පාලනය කිරීම, දේශගුණික විපර්යාසවල අවදානම පාලනය කිරීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි අවධානය යොමු කෙරේ.

2022 වර්ෂයේදී බංග්ලාදේශය මෙම සමුළුවේ සත්කාරකත්වය දැරූ අතර මෙතැන් සිට 2026 වසර දක්වා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආසියා පැසිෆික් කලාපයේ සභාපතීත්වය ශ්‍රී ලංකාව දරනු ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමුළුවේ සමාරම්භක සැසිවාරයෙන් අනතුරුව නියෝජිත රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන් සමග සාකච්ඡාවකට එක් විය.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළුව දෙස් – විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….