badweather

දිස්ත්‍රික්ක 13ක් සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ අද (11) පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ යන පළාත්වලට හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම සිදුකරන බවයි.

කාලගුණ බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින්නේ, අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලික තද සුළං ද හටගනු ඇති බවයි අදාල නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.

Similar Posts