e-sim

සම්බන්ධතාවය පවත්වා ගැනීමට ඔබට කුඩා සිම් කාඩ්පතක් අවශ්‍ය වූ කාලය අවසන් වෙමින් යනවා. අනාගතය ඇත්තේ eSIM හෙවත් දුරකථනයට හෝ උපකරණයට ඇතුළත් කර තිබෙන ඊ සිම් තාක්ෂණය සමගයි. එය දැන් ශ්‍රී ලංකාව තුළ ද ජනප්‍රිය වෙමින් තිබෙනවා. එය සම්බන්ධතාවයේ විප්ලවයකු.

eSIM සමඟ, එක් අංකයක් හරහා ස්මාර්ට් ඔරලෝසු, ටැබ්ලට් සහ ලැප්ටොප් පරිගණක ආදී උපාංග ගණනාවක් ක්‍රියාත්මක කළ හැකියි. එසේම, සිම්පත් දෙකක් නැතිව එකම දුරකථනයේ අංක දෙකක් පහසුවෙන් භාවිතා කළ හැකියි. සංචාරය කරන විට  eSIM මගින් අදාළ රටේ දත්ත සැලැස්මක් ක්ෂණිකව සක්‍රිය කරගත හැකියි.

දේවල්වල අන්තර්ජාලය හෙවත් internet of things ලෙස හැඳින්වෙන සම්බන්ධතාව අවශ්‍ය මෝටර් රථ වැනි විවිධ උපාංග සඳහා eSIM විශාල පහසුවක්.

ආරක්ෂාව ද ඉහළයි. ඉවත් කළ හැකි සිම්පතක් නැති නිසා, සොරකම් සහ සිම් වංචාවන් සිදු කිරීම දුෂ්කරයි.

More Stories