උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘‘වැඩි අවදානය යොමු කළ යුුතු ‘‘ මට්ටමක පැවැතිය හැකි බවට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

බස්නාහිර, සබරගමුව,දකුණ යන පළාත්වල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ‘‘අවදානය යොමු කළ යුතු මට්ටමක පවතී.

මෙම තත්වය නිසා වැඩබිම් තුළ සිටින පිරිස ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, කුඩා දරුවන් වාහන තුළ තනියම නොරැදවීම, අධික වේහෙසකටයුතු සීමා කිරීම සුදු හෝ ලා පැහැති සැහැල්ල් ඇදුම් ඇදීම සිදු කළ යුතු බව ද දැනුම් දෙයි.

අධික රස්නය පැවැතිය ද බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Similar Posts