උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි?

election

උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත.

එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු නිසාය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩා වැදගත් වුණේ ජවිපෙ විසින් ඔසවා තැබීමය.

එහෙම වුණාය කියා මේ වගේ මහා ඡන්ද රැල්ලකදී එය පාලනය කරගත්තේ කෙසේද? සම්පූර්ණයෙන් පාලනය කරගන්නට බැරිය. එහෙත්, ගන්නට ඕනෑ අය සම්බන්ධයෙන් යම් යම් උපායන් අනුගමනය කරන ලදී. උදාහරණයක් ලෙස ආසන බෙදා දුන්නේ ඒ විදියටය.

සාමාන්‍යයෙන් කණ්ඩායම් නායකයා හා තවත් දෙදෙනෙකු එක ආසනයක මනාප වෙනුවෙන් කැම්පේන් කළහ. මතුගම හා අගලවත්ත යන දැවැන්ත ආසන දෙකම ඒකාබද්ධ කර ඒ දෙක වෙනුවෙන් කැම්පේන් කළේ නලින්ද ජයතිස්ස හා අප්‍රකට ජවිපෙ දෙදෙනෙකි. ඒ ඔවුන් පාර්ලිමේන්තුවට පත්කරගන්නට නලින්ද ජයතිස්සට දැඩිව ඕනෑකම තිබුණු නිසාය. එය නිවැරදිය. බල දේශපාලනය එහෙමය.

පක්ෂයට හා නායකයන්ට යමෙකු පත්කරගන්නට දැඩිව උවමනාව තිබිණි නම්, ඒ හැම කෙනෙකුම පත්කරගෙන තිබේ. කවුරුහරි පත් වී නැතිනම් ඒ පෙර කී උවමනාව නැති නිසාය.

තමන්ට උවමනාව තිබුණා නම්, හරිනි, කොට්ටච්චි වැනි අය කරගත් පරිද්දෙන් තමන්ව උස්සාගත යුතුව තිබිණි. ඒකට ෆේස්බුක් එකට නොව මහජනතාවට දැනෙන අයුරෙන් කැම්පේන් කළ යුතුය.

මෙවැනි රැලිවල නිර්මාපකයන් වන මහින්ද රාජපක්ෂ වැනි අය එක්ක කටයුතු කරද්දී ධනේශ්වර දේශපාලනයේ තිබුණු පෞරුෂවාදය (individualism) නිසා මෙවැනි රැලි අල්ලා වඩා දක්ෂයන්ට ඉදිරියට ඒමේ අවස්ථාව තිබිණි. ප්‍රේමනාත් දොලවත්ත ඒ සඳහා උදාහරණයකි. එහෙත්, ජවිපෙ සමාජවාදී දේශපාලනය තුළ තිබෙන්නේ සමූහවාදයකි (collectivism). එහිදී නායකත්වය හා පක්ෂය සමග පක්ෂපාතීත්වය (loyalty) අතිශය වැදගත්ය.

දිස්ත්‍රික්වලින් පරාජය වූ පසු ජාතික ලැයිස්තුව ගැන බලාපොරොත්තු තියාගත යුතු නැත. ජාතික ලැයිස්තුවේ උඩට දාගත්තේ ඉහළින්ම ගන්නට අවශ්‍ය අයය. මේ රැල්ල තව ටික කාලයක් පවතිනු ඇත. ඒ නිසා ඔවුන්ට ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් අවස්ථා ලබාගත හැකිය. ඇතැම් විට පළාත් සභා ද එනු ඇත.

දේශපාලනය කරන්නට ඕනෑ නම් ඔය එකක්වත් නැතත් පුළුවන.

Praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….