එකම පවුලේ පිය-පුතු ඇතුළු 7ක් පෝරකයට; මුහුදු කොල්ලකෑම් පනත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව

ඔස්ට්‍රේලියාවට යෑම සඳහා මුහුද මැදදී බෝට්ටුවක් පැහැරගෙන, එහි සිටි ධීවරයන් තිදෙනකු කපා කොටා මරා මුහුදට දමා, තවත් දෙදෙනකුට මරණීය තුවාල කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එකම පවුලේ පිය-පුතු ඇතුළු 7 දෙනකුට කොළඹ මහාධිකරණය ඊයේ (24) මරණ දඬුවම නියම කළේය. මෙය 2001 අංක 9 දරන මුහුදු කොල්ලකෑම් පන‍ත යටතේ දඬුවම් නියම කළ පළමු නඩුව වීම විශේෂත්වයකි.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ පාසික්කු හැන්නදිගේ නුවන් ලක්මාල්, තෙල්ගේ දිනුෂ්ක ප්‍රියශාන්ත, වනිගබදුගේ සම්පත් තුෂාර නොහොත් පොඩි, පාසික්කු හැන්නදිගේ දයානන්ද, කතළුවගේ නිහාල් නිශාන්ත නොහොත් සංජීව, කතළුවහේවගේ රංජිත් කුමාර, එදිරිවීර කට්ටඩි ආරච්චිගේ නිහාල් යන විත්තිකරුවන් 7 දෙනාටය.

මෙයට අමතරව ඒ විත්තිකරුවන් 7 දෙනා තවත් චෝදනා 6කට වරදකරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඔවුන්ට රුපියල් 20,08,500ක දඩ මුදලක් නියම කළේය. එය නොගෙවන්නේ නම් බරපතළ වැඩ සහිතව වසර 2ක සිර දඬුවමක් නියෝග කරන ලදි.

එයට අතිරේකව 1, 2, 6, 7, 13 සහ 14 වැනි අධි චෝදනා සඳහා වසර 7 බැගින් බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම කර, ඒවා එකවර ගෙවී යන ලෙස දඬුවම් නියම කළේය.

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ‘තේජාන්’ බහුදින ධීවර යාත්‍රාව පැහැරගෙන ඔස්ට්‍රේලියාවට යෑමට පවුල් දෙකක ඥාතීන් ඇතුළු 11 දෙනකු 2012දී උත්සාහ ගෙන ඇත. ඔවුන් වෙනත් කුඩා බොට්ටුවකින් දියඹට ගොස් රාත්‍රී කාලයේදී ‘තේජාන්’ බහුදින ධීවර යාත්‍රාවට ගොඩ වී ආයුධ පෙන්නා එහි සිටි ධීවරයන් බිය ගන්නා එම බෝට්ටුව ඔවුන්ගේ භාරයට ගෙන තිබේ. එහිදී ධීවර යාත්‍රාවේ ස්ක්‍රීපර්වරයාද ඔවුන්ගේ කුමන්ත්‍රණයට සහාය වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය. යාත්‍රාව මුහුදු කොල්ලකරුවන්ගේ භාරයට ගැනුණු විට බියට පත් ධීවරයන් ආධාර ඉල්ලා කෑගසා ඇත. එය ඇසී අනෙකුත් ධීවර බෝට්ටු ආලෝක ධාරා එල්ල කළ හැකිය යන සැකය මත කොල්ලකරුවන් ධීවරයන් කපා කොටා මුහුදට දමා තිබේ. මේ අවස්ථාවේ කොල්ලකරුවන්ට බියෙන් එක් අයෙක් මුහුදට පැන ඇත.

දින 11ක මුහුදු ගමනකින් පසු කොල්ලකරුවන් ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයට සමීපව ඇති අතර, එහිදී ‍එරට වෙරළාරක්ෂකයන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන කොක්ස් දූපතේ රඳවා තිබේ. මේ ගමනට විත්තිකරුවන් ඔවුන්ගේ දරුවන්ද රැගෙන ගොස් තිබේ.

මුහුදේ පීනමින් සිටි ධීවරයා බෝයාවක එල්ලී විදේශ රටක නැවකට ගොඩ වී ඇති අතර, ඔහුගේ දැනුම් දීම අනුව මරණීය තුවාල ලැබූ අනෙක් ධීවරයාද ගලවාගත් බව ඔහු සාක්කි දෙමින් අධිකරණය ඉදිරියේ කියා සිටියේය.

ඔස්ට්‍රේලියාවට ඇතුළු වූ අනවසර සංක්‍රමණිකයන් පසුව නැවත ශ්‍රී ලංකාවට එවන ලද අතර, ඔවුන්ට එරෙහිව තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු විභාගයක් සිදු විය. එහිදී මරණයට පත් වූවන්ගේ ඥාතීන් අධිකරණ පරිශ්‍රය අසලදී සාධාරණය ඉල්ලා උද්ඝෝෂණය කිරීම නිසා ඒ සම්බන්ධයෙන් ඉමහත් ආන්දෝලනයක් ඇති විය. පසුව නඩුව කොළඹ මහාධිකරණයට යොමු කෙරිණි.

2016 අප්‍රේල් 19 දා කොළඹ මහාධිකරණය ඉදිරියේ විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 14ක් යටතේ නඩු පවරන ලදි. එහිදී මුහුදු කොල්ලකෑමේ පන‍තට අතිරේකව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102, 140, 146 සහ 296 යටතේ චෝදනා ගොනු කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් පසු තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කළ අවස්ථා කිහිපයකදී අධිකරණය මඟහැර වරෙන්තු මත සිටි සිව්වැනි විත්තිකරු වන වනිගබදුගේ සම්පත් තුෂාර නොහොත් පොඩි නමැත්තා කහමෝදර පාළු නිවෙසක සැඟව සිටියදී පෙරේදා (23) උදෑසන තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. වරෙන්තුකරු ඊයේ (24) අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය මඟින් කොළඹ මහාධිකරණය ඉදිරියට පැමිණවීය.

නඩුවේ චුදිතයන් 11 දෙනා අතුරින් තිදෙනෙක් තීන්දුව දෙන අවස්ථාව වන විට මිය ගොස් සිටියහ. නඩුවේ එකම විත්තිකාරිය වූ ඔස්ට්‍රේලියා ගමනට සහභාගි වූ වනිගබදුගේ ටෙල්සි කල්‍යාණි නමැත්තිය පමණක් චෝදනාවලින් නිදහස් වූවාය. ඇය මිය ගොස් සිටින 6 වැනි චුදිතගේ වැඩිමහල් සොහොයුරිය වේ. ඔස්ට්‍රේලියා ගමනට ඇයගේ අවු:3, අවු:5 හා අවු:10 යන වයස්වල පසු වූ දරුවන්ද එක් කරගෙන ඇති බව අධිකරණය ඉදිරියේ අනාවරණය විය.

නඩුවේ 1, 6 හා 8 වැනි චූදිතයන් වූ අනූෂා උත්පලා අමරවීර හෙවත් චූටි, වනිගබදුගේ සිසිර කුමාර සහ අජිත් කුමාර නොහොත් චණ්ඩි යන අය කොරෝනා වසංගතයට ලක් වීමෙන් හා පහර කෑමකට ලක් වීමෙන් රෝගිව මිය ගිය බවට කරුණු ඉදිරිපත් විය.

චුදිතයන් විසින් අවු: 19 හා 23 හැවිරිදි ධීවරයන් දෙදෙනකු හා යාත්‍රාවේ අරක්කැමියා ලෙස සේවය කළ 52 හැවිරිදි තැනැත්තා මරා දරා තිබිණි. යාත්‍රාවේ අරක්කැමියා කොල්ලකරුවන්ට මත්පැන් පානයට අවශ්‍ය කළමනා සකස් කර දීමෙන් දිවි ගලවාගැනීමට උත්සාහ කර ඇතත්, ඔවුන් ඔහු මුලින්ම ඝාතනය කර ඇත.

චුදිතයන් වැරදිකරුවන් බව තීන්දු කිරීමෙන් පසු කීමට යමක් තිබේදැයි විනිසුරුවරයා විමසා සිටි අවස්ථාවේ දයානන්ද නමැත්තා අදහස් දක්වමින් තමාට ඕනෑම දඬුවමක් දෙන ලෙසත්, වරදකරුකර ඇති තම පුතා නිදහස් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පැමිණිල්ල මෙහෙයවීය. නඩු විභාගය නැරඹීමට මිය ගිය අයගේ ඥාතීහුද පැමිණ සිටියහ. වැරදිකරුවන්ගේ ඇඟිලි සටහන් ගෙන වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරින්ට භාර දෙන ලදි.

ඡායාරූපය – දුෂ්මන්ත මායාදුන්නේ

චන්දන ජයවීර

dinamina

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….