මාර්ගගත ක්‍රමයට (online) ණය ලබා දෙන ආයතන සම්බන්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට බලයක් නොමැති අතර මෙසේ මාර්ගගත ක්‍රමයට ණය ලබා දීම පිළිබදව නීතිමය වශයෙන් තහනම් කර නොමැති වීම මීට හේතුව වී තිබේ.
මෙම ආයතන 42% සහ 50% අතර මාසික පොළී අනුපාතයකට ණය ලබා දෙන බවට මහ බැංකුවට තොරතුරු වාර්තා ලැබී තිබේ. ඒමෙන්ම මෙම ආයතන ණය ලබා දීමේදී සියලු පුද්ගලික තොරතුරු ලබා ගන්නා අතර ණය මුදල් නොගෙවන පුද්ගලයින්ට සමාජ මාධ්‍ය මගින් විවිධ අපයෝජනයන් සිදු කරයි.
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත 2019 වසරේ සකස් කොට දෙවරක් අනුමැතිය සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. මෙය 2024 ජනවාරි මාසයේදී පළමු වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.
මෙම කෙටුම්පත නැවත වරක් නව රජයේ කැබිනට් මණ්ඩලයට මෙම මසදී ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර අදාළ ණය දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා මුදල්අමාත්‍යාංශය විසින් වෙනම අධිකාරීයක් පිහිටුවීමටද නියමිතය.