කන්තලේ සේරුවාවිල ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන් වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම ප්‍රමිතියෙන් තොර බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

කිලෝමීටර් 43ක් දුරකින් යුත් මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරීය යටතේ සූරියපුර ගම්මානය ආසන්නයේ සිට මාර්ගයේ කාපට් අතුරන බවයි ප්‍රදේශවාසීන් පවසයි.

අදාල මාර්ගයේ දෛනිකව වැලි ටිපර් දහසකට ආසන්න ප්‍රමාණයක් ධාවන වන බවත් අදාල කාපට් ඇතිරීම කිසිදු ප්‍රමිතියකින් තොරව සිදුවන බවත් අදාල කාපට් ඇතිරීම අතින් ගැලවිය හැකි බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අදහස් දක්වමින් අදාල කාපට් ඇතිරීම සිදුකරන කොන්ත්‍රාත්කරු පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය ලබා දෙන උපදෙස් අනුව තමන් කාපට් ඇතිරීම සිදුකරන බවත් බොරළු පාරක් උඩ වුවද කාපට් ඇතිරීමට පවසන්නේ නම් එය තමන්ට සිදු කිරීමට සිදුවන බවයි.

Similar Posts