dailyreporter

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවය.

කෙසේවෙතත් පඩි පාලක සභාවේ අනුමැතියට යටත්ව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර මහතා විසින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමට අදාළ ගැසට් නිවේදනය පෙරේදා දිනයේ නිකුත් කරනු ලැබීය.

ඒ අනුව දෛනික වේතනය රුපියල් 1,350ක් වන ලෙසත් දෛනික විශේෂ දීමනාව රුපියල් 350ක් වන ලෙසත් වතුකම්කරු වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ දමා තිබේ.

Similar Posts