කලක් වසා දමා තිබූ උළු, ගඩොල් කම්හල යළිත් මෙහෙයුම් ආරම්භ කරයි

කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා පසුගියදා කුට්ටිගල, පදලංගල පිහිටි උළු, ගඩොල් කම්හල නිරීක්ෂණයට ගිය බව එම අමාත්‍යාංශය පවසයි. කලක් වසා දමා තිබූ මෙම කම්හල එම අමාත්‍යාංශය යටතේ යළිත් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ගුණාත්මක තත්ත්වයෙන් යුත් උළු, ගඩොල් ඇතුළු මැටි ආශ්‍රිත නිශෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා පිඟන් සංස්ථාව සතු වැසී ගොස් තිබූ උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවලට යළි පණ දීමට කටයුතු කරමින් සිටින බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහිදී පවසා ඇත.

විශේෂයෙන්ම සිමෙන්ති, ඇස්බැස්ටෝස් වැනි සෙවිලි තහඩු ගෙන්වීම සඳහා වැය වන විදේශ විනිමය රට තුළ ඉතිරි කර ගැනීම මෙම කටයුත්තේ අරමුණ බවත් ඔහු සඳහන් කර තිබේ.

“ලංකා පිඟන් සංස්ථාව අප අමාත්‍යාංශය භාර ගන්නා විට ඉතා දුර්වල තත්ත්වයේ තිබූ රාජ්‍ය ආයතනයක්. එහි සේවකයන් විශාල පිරිසක් ඉවත්වෙලා සීමිත සේවක සංඛ්‍යාවකින් තමයි එය පවත්වාගෙන ගියේ. ගෙවීගිය මේ කෙටි කාලය තුළ අපට, ලංකා පිඟන් සංස්ථාවේ සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය හා සේවක පිරිස සමඟ කැපවීමෙන් වැඩ කරලා වැසී ගොස් තිබූ මහියංගනය සහ මෙම කුට්ටිගල පදලංගල උළු හා ගඩොල් කම්හල් යළි විවෘත කිරීමට හැකි වුණා. ඒ විතරක් නොවෙයි උතුරේ යුද සමය තුළ වසා දැමුණු ඔඩ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව ලබන වසරේ මාර්තු වන විට විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.

“ඒ වෙළෙඳපොළ ඉල්ලුම සපුරන්න තමයි අපි මේ වැසී ගොස් තිබූ උළු, ගඩොල් කර්මාන්ත ශාලා යළි අරඹන්න කටයුතු කරන්නේ. එමගින් සිමෙන්ති, ඇස්බැස්ටෝස් වැනි ද්‍රව්‍ය ගෙන්වීම සඳහා මේ රටින් එළියට ඇදී යන මුදල රට තුළ ඉතිරි කර ගෙන අපේම අමුද්‍රව්‍ය පදනම් කරගෙන නිෂ්පාදනය කරන උළු හා ගඩොල් අපේ ප්‍රජාවට සුදුසු තත්ත්වයෙන් ලබාදීමට හැකිව තිබෙනවා.” යනුවෙන්ද ඒ මහතා පවසා තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, මෙම කම්හල් පරිශ්‍රයේ තිබූ නිසි ප්‍රමිතියෙන් යුත් උළු කැට ලක්ෂ 05ක් පමණ මේ වන විටත් වෙළෙඳපොළ වෙත යොමුකර ඇති බවත්, අතීතයේ නිපදවන ලද ප්‍රමිතියෙන් පහළ මට්ටමේ උළු හැර ඉතිරිව ඇති නිසි ප්‍රමිතියෙන් යුත් සෑම උළු කැටයක්ම ක්‍රමානුකූලව වෙළෙඳපොළ වෙත යැවීමට පියවර ගෙන ඇති බවත් පවසා තිබේ.

මෙම අවස්ථාවට ලංකා පිඟන් සංස්ථාවේ සභාපති ජූඩ් ප්‍රනාන්දු, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක යන මහත්වරු ද එක්ව සිට ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….