යාප­නයේ තිරු­ණ­වේලී ප්‍රදේ­ශයේ පවත්වා ගෙන ගිය සුපිරි වෙළෙ­ඳ­ස­ලක කල් ඉකුත් වූ හාණ්ඩ 48 ක් අලෙවි කිරීම සම්බ­න්ධ­යෙන් චෝදනා හත­කට වැර­දි­ක­රු­වකු වූ එම සුපිරි වෙළෙ­ඳ­සලේ අයි­ති­ක­රුට යාප­නය අධි­ක­ර­ණය මඟින් රුපි­යල් එක් ලක්ෂ අසූ­ද­හ­සක දඩ මුද­ලක් නියම කොට තිබේ.

තිරු­ණ­වේලී ප්‍රදේ­ශය භාර මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාට ලැබුණු තොර­තු­රක් මත තවත් නිල­ධා­රීන් පස් දෙනෙකු සමඟ ගොස් එම සුපිරි වෙළෙ­ඳ­සලේ භාණ්ඩ පරී­ක්ෂා­වට ලක් කළ අව­ස්ථා­වේදී කල් ඉකුත් වූ භාණ්ඩ හමු වී තිබේ. මේ සම්බ­න්ධ­යෙන් යාප­නය අධි­ක­ර­ණයේ ගොනු කළ නඩු­වට අදාළ සිය­ලුම චෝද­නා­ව­ලට වෙළෙ­ඳ­සලේ අයි­ති­කරු වරද පිළි­ගත් අතර මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඔහුට දැඩි ලෙස අව­වාද කොට මෙම දඩ මුදල නියම කොට තිබේ.

කල් ඉකුත් වූ භාණ්ඩ සිය­ල්ලම යාප­නයේ මිනි­සුන් ජීවත් නොවන ප්‍රදේ­ශ­ය­කට රැගෙන ගොස් විනාශ කරන ලෙස­ටද මහේ­ස්ත්‍රා­ත්ව­රයා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ට නියෝග කොට තිබේ.

Similar Posts