සර්ව ආගමික කතිකාව සහ ක්‍රිඩාව තුලින් සාම ප්‍රවර්ධන වැඩ සටහනක් නුවරඑළිය කලාපුරදි පැවැත්විමට ශ්‍රිලංකා ජාතික සාම මණ්ඩලයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් පියවර ගෙන තිබුනි.

එම ප්‍රදේශයන් සියළු ආගම් ජාතින් නියෝජනය කරමින් විවිධ කාණ්ඩවල පිරිස් සදහා විවිධ ක්‍රිඩාවන් පැවැත්විමටද පියවර ගෙන තිබුනි.
මේ පිලිබදව අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටු සම්බන්ධිකාරක ඉරේෂා උදේනි මහත්මිය පවසන ලද්දේ ක්‍රිඩාව තුලින් මෙම ප්‍රදේශයේ දරුවන් ඇතුළු පිරිස් එකට එක්ව කටයුතු කිරිම තුලින් එම පිරිස් අතර අන්නොන්ය සුහදතාවය වර්ධනය කිරිමේ අරමුණ මත මෙම වැඩ සටහන් ක්‍රියාත්මක පියවර ගත් බවත්ය.

මෙම අවස්ථාවට ප්‍රදේශයේ සර්ව ආගමික නායකයන් උප කමිටු සමාජිකයන් කලාපුර හා ශාන්ති පුර ප්‍රදේශයේ පිරිසක්ද එක්ව සිටින ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts