මේ වන ව්ට කාන්තාවන්ගේ  මානව හිමිකම දැඩි ලෙස කඩවන අවස්ථා පවතිනවා මෙම කාන්තාවන්ගේ මානව හිමිකම දැඩි ලෙස කඩකිරිම් පිරිමි පාර්ෂවය විසින් සිදු කරන බවයි පැවසෙන්නේ එම තත්වයන් මත කාන්තාවන්ගේ මානව හිමිකම් සුරකිමට පිරිමි පාර්ෂවය දැඩි අවදානයක් යොමු කල යුතු බව ප්‍රිඩෝ ආයතනයේ අධ්‍යක්ෂ මයිකල් ජෝකිම් මහතා පවසයි.

ජාත්‍යන්ත්‍රර මානව හිමිකම් දිනය සමරමින් එම ආයතනය මගින් හැටන් හිදු මහ සභා ශාලවේ සංවිධානය කරන ලද රැස්විමක් අමතමින් මයිකල් ජෝකිම් මහතා මේ බව පවසන ලදි.

එහිදි වැඩි දුරටත් කතා කල මයිකල් ජෝකිම් මහතා අප සංවිධානය නොවැම්බර් 25වන දින සිට දෙසැම්බර් 10වන දින දක්වා කාන්තා අයිතිකම් පිලිබදව සමික්ෂනයක් කිරිමට පියවර ගත්තා එහිදි අපිට දැන ගන්න ලැබුනේ කාන්තාවන්ගේ මානව හිමි කම් කඩවිම්වලට පිරිමි පාර්ෂවය වැඩි වශයෙන් වගකිව යුතු බවයි.

අද සමහර පිරිමින් තම  බිරිදට තම දියණිවරුන්ට දැඩි ලෙස හිරි හැර කරන තත්වයන් පිලිබදවද අනාවරණය වුනා මෙම තත්වයන් වෙනස් විය යුතුයි මේ වන විට විදෙස් ගත වන කාන්තාවන්ද විවිධ හිංසනයන්ට ලක් වෙනවා මෙම තත්වයන් පිලිබදවද අපි දැඩි අවදානයක් යොමු කල යුතුයි.

පිරිමි පාර්ෂවයෙත් මානව හිමිකම් කඩවන අවස්ථා නැත්තේම නැහැ එත් මේ වන විට කාන්තාවන්ගේ මානව හිමිකම් කඩවිම් බහුල වශයෙන් සිදු විම දැඩි කනගාටුවට කරුනක්.

වීශෙයෙන් මේ වතුකරය ආශ්‍රිත ප්‍රදේශයන් තුල කාන්තාවන්ගේ මානව අයිතිය දැඩි ලෙසින් කඩවෙමින් පවතිනවා මෙම තත්වයන් වෙනස් කිරිමට අපි සියළුම දෙනා එකට එක්ව කටයුතු කල යුතුයි මොකද මේ අපේම රටේ අපේම පිරිසක් එම නිසා සියලුම දෙනාගේ මානව හිමිකම් නිසි ලෙස සුරකිමට අපි එකට එක්ව කටයුතු කල යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts